Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»2040 දී ශ්‍රී ලංකාව ශුද්ධ කාබන් විමෝචන රටක් – ජනපති කියයි
Sri Lankan news

2040 දී ශ්‍රී ලංකාව ශුද්ධ කාබන් විමෝචන රටක් – ජනපති කියයි

kumudikaBy kumudikaJune 6, 2024No Comments4 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

රටේ ආර්ථික ඉලක්ක සපුරාගන්නා අතරතුර 2040 වසර වන විට ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කය ද සපුරාගැනීමට ශ්‍රී ලංකාව කැප වී සිටින බවත්, කාබන් විමෝචනය ශූන්‍ය කිරීමේ ගෝලීය ඉලක්කය ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට ශ්‍රී ලංකාව වන බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කලේය. ඔහු මේ බව ප්‍රකාශ කළේ ජගත් පරිසර දිනය නිමිත්තෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (5) පැවැති සැමරුම් උත්සවයට සහභාගි වෙමිනි.

‘ඵලදායි භූමි පරිහරණයක් – සුවදායි දෙරණක්’ තේමාව යටගේ ජගත් පරිසර දින සැමරුම් උත්සවය ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණු අතර ‘ජාතික හරිත ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය’ එළිදැක්වීමද මෙහිදී ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරිණි. රත්නපුර දිස්ත්‍රික්කයේ වර්ණගලවත්ත පරිසර ආරක්ෂක ප්‍රදේශය ප්‍රකාශයට පත් කිරීමට අදාළ ගැසට් නිවේදනයට ජනාධිපතිවරයා විසින් අත්සන් තැබීමද මෙහිදී සිදු විය. පාසල් පරිසර නියමුවන් 8 දෙනකු වෙත සංකේතාත්මකව පදක්කම් පැලඳවීමද ජනාධිපතිවරයා අතින් සිදු කෙරිණි. මෙහිදී ‘සොබා’ සඟරාවේ ප්‍රථම කලාපය ජනාධිපති රනිල් වික්‍රසිංහ මහතාට පිළිගන්වනු ලැබූ අතර, පාසල් සඳහා ඛනිජ කට්ටල පිරිනැමීම, පරිසර හිතකාමි කැණීම් බලපත්‍ර ප්‍රදානය හා හොඳම හරිත දුම්රිය ස්ථාන 10 සඳහා සහතික පත්‍ර හා තිළිණ පිළිගැන්වීමද සිදු විය. ජගත් පරිසර දිනයට සමගාමිව පසුගිය මැයි 30 දින සිට ජාතික පරිසර සතියක් ප්‍රකාශයට පත් කර තිබෙන අතර, ජගත් පරිසර දිනයට සමගාමිව මෙරට වන ගහනය වැඩි කිරීම සඳහා විශේෂ වැඩසටහන් රැසක් දීප ව්‍යාප්තව සංවිධානය කර ඇත.

ජනාධිපතිවරයා මෙහිදී පල කල අදහස්

“මෙවර ජගත් පරිසර දිනය පවත්වනු ලබන්නේ ඉතා තීරණාත්මක අවස්ථාවකයි. ගෝලීය දේශගුණික විපර්යාස දෙස අවධානය යොමු කරන විට පැරිස් ගිවිසුමේ සඳහන් දේශගුණික විපර්යාසවලට මුහුණ දීමට අදාළ ඉලක්ක සපුරාගැනීම පිළිබඳ අපට බලාපොරොත්තුවක් ඇති කරවන බව කිව යුතුයි.

“දැනටමත් අප අපේක්ෂා කළ මට්ටමට වඩා ගෝලීය උෂ්ණත්වය ඉහළ ගොස් තිබෙනවා. ඒ වගේම ඇතැම් දියුණු රටවල් දේශගුණික විපර්යාසවලට එරෙහිව විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරනවා. ඉන්දීයාව, චීනය, ඉන්දුනීසියාව වැනි රටවල් ඒ ඉලක්කය සපුරාගැනීමට කාලය අවශ්‍ය බව ප්‍රකාශ කර තිබෙනවා. ඒ වගේම ඛනිජ තෙල් නිෂ්පාදනය කරන රටවල්ද තිබෙනවා. මේ සියල්ල සමඟ දේශගුණික විපර්යාසවලට මුහුණ දීමේදී ශ්‍රී ලංකාව වැනි කුඩා රටවල් සිර වී සිටිනවා. අපට දැන් ඒ පිළිබඳ නව ක්‍රියාමාර්ග ගැනීමට සිදුව තිබෙනවා. ඒ නිසා පරිසර අමාත්‍යාංශය ආරම්භ කළ සමයේ සිදු කළ වැඩකටයුතුවලට පමණක් අපට දැන් සීමා විය නොහැකියි. මේ ඉලක්ක කරා ළඟා වීමට නම් අපට නව වැඩසටහන් කිහිපයක් ක්‍රියාත්මක කිරීමට සිදු වනවා. අප මේ වැඩකටයුතු දැනටමත් ආරම්භ කර තිබෙනවා. එහි ප්‍රථම කාර්යය වන්නේ නව නීති පද්ධතියක් ඇති කිරීමයි. එහි පළමු නීතිය අප දැනටමත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා.

“2050 වන විට ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරාගැනීම පිළිබඳ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතේ 3 වැනි වගන්තියේ ආර්ථික පරිවර්තනය පිළිබඳ ජාතික ප්‍රතිපත්තිය (අ) II සඳහන් වෙනවා. ඒ අනුව ශුද්ධ ශූන්‍ය කාබන් විමෝචන ඉලක්කය සපුරාගැනීම පිළිබඳ ජාතික ප්‍රතිපත්තියට ඇතුළත් කළ ආසියාවේ පළමු රට බවට අප පත්ව තිබෙනවා.

“රටේ ආර්ථික ඉලක්ක සපුරාගන්නා අතරම අප මේ ඉලක්කයද ළඟා කරගත යුතුයි. 2050 වන තෙක් නොසිට 2040 වන විට මේ ඉලක්කය සපුරාගැනීමට අප අවධානය යොමු කර තිබෙනවා. ඒ අනුව අප ඉදිරි කටයුතු කරගෙන යනවා. ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත සම්මත වූ පසු එය ජාතික ප්‍රතිපත්තිය බවට පත් වනවා. එතැන් සිට සෑම ආයතනයක්ම ඒ අනුව ක්‍රියා කළයුතු වන අතර රාජ්‍ය නොවන අංශයට ද ඒ අනුව කටයුතු කිරීමට සිදු වෙනවා. ඒ වගේම මධ්‍යම පරිසර අධිකාරිය විසින් සකස් කළ පරිසර නීතියේ සංශෝධන සිදු කිරීම අවශ්‍ය වී තිබෙනවා. ඒ පරිසර නීතිය සකස් කළේ 80 දශකයේදීයි. දැන් වන විට තත්ත්වය ඊට වඩා වෙනස් වී තිබෙනවා. ඒ සංශෝධනද ඉදිරියේදී සිදු කිරීමට අප බලාපොරොත්තු වනවා.

“ඒ වගේම හරිත ආර්ථිකයක් ඇති කිරීම පිළිබඳ මුදල් අමාත්‍යාංශයේ වෙනම ඒකකයක් ස්ථාපිත කිරීමටද අප සැලසුම් කර තිබෙනවා. හරිත ආර්ථිකයක් වෙනුවෙන් කරන වැඩසටහන් සඳහා මුදල් සොයාගැනීම මේ ඒකකය මඟින් සිදු වනවා. මේ වසර අවසන් වන විට එම සම්පූර්ණ ක්‍රමවේදය ඇති කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

“ඒ වගේම දැනට ආරම්භ කර ඇති කෘෂි නවීකරණ වැඩපිළිවෙළද මේ පරිසර ප්‍රතිපත්තිය අනුව ක්‍රියාත්මක කිරීමට අප උපදෙස් දී තිබෙනවා. එමඟින් කෘෂි නවීකරණ වැඩපිළිවෙළ සමඟ පරිසර ප්‍රතිපත්තිද ගමට යනවා. එසේ නම් මේ වැඩකටයුතු අප ජාතික වශයෙන් ක්‍රියාත්මක කරනවා. මුළු ලෝකයම දේශගුණික විපර්යාසවල දැඩි බලපෑමකට ලක්ව තිබෙන මෙවන් අවස්ථාවක ශ්‍රී ලංකාව වැනි රටකට නිශ්ශබ්දව සිටීමට බැහැ. ඒ නිසා දේශගුණික විපර්යාස පිළිබඳ සමුළුවල (COP) මෙන්ම අනෙකුත් ජාත්‍යන්තර වේදිකාවලද පරිසරය වෙනුවෙන් ඉදිරියට පැමිණ කටයුතු කරන ලෙස මා විදේශ කටයුතු අමාත්‍යාංශයට සහ පරිසර අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

පළාත් සභා, පළාත් පාලන සහ පරිසර රාජ්‍ය අමාත්‍ය ජනක වක්කුඹුර මහතාද මෙහිදී අදහස් දැක්වූ අතර, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, අග්‍රාමාත්‍ය ලේකම් අනුර දිසානායක, පරිසර අමාත්‍යාංශයේ ලේකම් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති, පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රදීප් යසරත්න, දේශගුණික විපර්යාස පිළිබඳ කාර්යාලයේ ප්‍රධාන විධායක නිලධාරි ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලෝකයේ හොඳම විශ්ව විද්‍යාල 1000 ට කොළඹ විශ්ව විද්‍යාලයත්
Next Article දිවයිනේ අලුත් උද්භිද උද්‍යාන 10 ක්
kumudika

Related Posts

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025

2024 දී සාජා පොලීසිය රථවාහන මරණ 24% කින් අඩු කරයි

June 16, 2025

සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් “Tele Medicine” තාක්ෂණය නමින් විශේෂඥ වෛද්‍ය සේවා ලබා ගැනීමේ පහසුකමක්

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.