එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජූනි මාසයේ මුල් දිනවල කාලගුණික රටාව මෘදු වෙනස්කම් සමඟ තරමක් ස්ථාවර වනු ඇතැයි අපේක්ෂා කෙරේ. ජාතික කාලගුණ විද්‍යා මධ්‍යස්ථානය විසින් සපයනු ලබන ඉදිරි දින සඳහා පුරෝකථනය මෙසේය.

ජූනි 7 සිකුරාදා

දහවල් වන විට නැගෙනහිර ප්‍රදේශවල වලාකුළු ඇති වන අතර සුළඟ මධ්‍යස්ථව ගිනිකොන සිට ඊසාන දෙසට හමා යයි. සුළං දිගටම පවතිනු ඇත.  පැයට කිලෝමීටර් 10 – 20 අතර වේගයකින් පැයට කිලෝමීටර් 35 දක්වා සුළගේ වේගය ඉහළ යයි. අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුදු සුළු වශයෙන් කැලඹිලි සහිත වේ.

ජුනි 8 සෙනසුරාදා

මෙදින පස්වරුව වන විට නැගෙනහිර ප්‍රදේශවල සංවහන වළාකුළු ඇතිවීමේ සම්භාවිතාවක් පවතී.
සුළං මධ්‍යස්ථව ගිණිකොණ සිට ඊසාන දෙසට හමා යනු ඇත. දිවා කාලයේ දූවිලි සහිත සුලං හමා යයි. සුළගේ වේගය පැයට කිලෝමීටර් 15 – 25 දක්වා පරාසයක පවතිනු ඇති අතර, විටින් විට තද සුළං පැයට කිලෝමීටර් 35 දක්වා ඉහළ යනු ඇත.
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුද මත තවදුරටත් සුළු රළු තත්ත්වයන් පවතිනු ඇත.

ජුනි 9 ඉරිදා

අපරභාගය වන විට නැගෙනහිර ප්‍රදේශවල සංවහන වළාකුළු ඇතිවීමේ සම්භාවිතාවක් පවතින අතර, වර්ෂාපතනය ද සමග විය හැක.
ගිනිකොන සිට ඊසාන දක්වා සුළං බලාපොරොත්තු වන අතර දූවිලි හා වැලි සහිත සුළං හමා යයි.  සුළගේ වේගය පැ.කි.මී. 15 – 25 අතර විය හැකි අතර, විටින් විට පැ.කි.මී.40 දක්වා ඉහළ යා හැක.
අරාබි ගල්ෆ් ප්‍රදේශයේ මුහුදු තත්ත්වය මධ්‍යස්ථ මට්ටමක පවතින අතර ඕමාන් මුහුදේ සුළු කැලඹිලි ස්වභාවයක් පවතිනු ඇත.

ජුනි 10 සඳුදා

දිනයේ අර්ධ වශයෙන් වළාකුළු දැකිය හැකිවේ. පස්වරුව වන විට නැගෙනහිර සහ දකුණු ප්‍රදේශවල සංවහන වළාකුළු ඇතිවීමේ සම්භාවිතාවක් පවතී.
සුළං  මධ්‍යස්ථව ගිණිකොණ සිට ඊසාන දෙසට හමා යයි. දිවා කාලයේ දූවිලි හා වැලි සුලං හමා යෑමප හැකිය. සුළගේ වේගය පැයට කිලෝමීටර 40 දක්වා ඉහළ යනු ඇත.
අරාබි ගල්ෆ් සහ ඕමාන් මුහුදු ප්‍රදේශ සුළු වශයෙන් රළු වේ.

Share.

Comments are closed.