දිවයිනේ ත්‍රිවිධ හමුදාවේ සේවයේ නියුතු මුස්ලිම් සාමාජිකයින් වෙත වාර්ෂික හජ් වන්දනාව සඳහා නොමිලේ අවස්ථාව සලසා දී තිබේ.
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතාගේ විශේෂ ඉල්ලීමකට අනුව මෙම කාර්යය සිදු විය.

ශ්‍රී ලංකාවේ සෞදි අරාබි තානාපති කලිඩ් හමඩ් අල්කතානි මේ සඳහා මැදිහත් වී ඇති බව සඳහන්වේ.

ඒ අනුව සෞදි රජයේ අනුග්‍රහය සහිතව වාර්ෂික හජ් වන්දනාව සඳහා විශේෂ අවස්ථා පහක් ලබා ගැනීමට අවශ්‍ය කටයුතු සම්පාදනය කර ඇත.
ත්‍රිවිධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සඳහා විශේෂ අනුග්‍රහයක් සහිත අවස්ථා පහක් මේ වසරේ දී ලබා දී තිබීමත් විශේෂත්වයකි.

එසේම ඉදිරි වසරවල දී ආරක්‍ෂක සේවා නිලධාරීන් සඳහා ලැබෙන අවස්ථා සංඛ්‍යාව ඉහළ නැංවීමට තමා පෞද්ගලිකවම මැදිහත් වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Share.

Comments are closed.