අධික වර්ෂාව හේතුවෙන් ඔස්ට්‍රේලියාවේ විශාලතම නගරය වන සිඩ්නි නගරයේ අද (08) සෙනසුරාදා හදිසි ගංවතුරක් ඇතිව තිබේ.

මේ නිසා පහත්, තදාසන්න ප්‍රදේශ කිහිපයක ජනතාව ඉවත් කිරීමේ නියෝග පනවා ඇති අතර, විපතට පත් ජනතාව මුදගැනීමේ මෙහෙයුමක් ක්‍රියාත්මකයි.

අධික වර්ෂාවත් සමඟ ඇති වූ ගංවතුර හේතුවෙන්, නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ අගනුවර වන සිඩ්නි හි එරට වේලාවෙන් උදැසන 5 ට අවසන් වූ පැය 24 තුළ, ගලවාගැනීම් 13 ක් සිදු කළ අතර සහය සඳහා ඇමතුම් 297 ක් ලැබුණු බව හදිසි බලධාරීන් පවසති.

නිව් සවුත් වේල්ස් ප්‍රාන්ත හදිසි සේවා අද උදෑසන ප්‍රකාශයක් නිකුත් කරමින් කියා සිටියේ නගරයේ වයඹ දෙසින් පිහිටි තදාසන්න ප්‍රදේශ සඳහා හදිසි ඉවත් කිරීමේ නියෝග දහයක් ක්‍රියාත්මක වන බවයි.
මිලියන 5ක් පමණ වෙසෙන සිඩ්නි නගරයේ වයඹ දෙසින් විශාල ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බවට ජාතික කාලගුණ විද්‍යා ආයතනය අනතුරු අඟවා ඇත.

Share.

Comments are closed.