ශ්‍රී ලංකාව හා බංගලදේශය අතර මූලික වටයේ ලෝක කුසලාන ක්‍රිකට් තරගයේදී අවසන් ඕවරය දක්වාම සටනක් දුන් බව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කර ඇත.
ඉතා අඩු ලකුණ සංඛ්‍යාවකට හොඳ තරඟයක් දුන් බවත් අවසන් ඕවරයේ විකට්ටුව ගත්තේ නම් තරඟය ජයග්‍රහණය කිරීමටද ඉඩ තිබූ බවත් ඔහු කියා සිටියේය.
තරග ජය ගනිද්දී කණ්ඩායමට ප්‍රශංසා කළ ද තරඟ පරදින විට අමාත්‍යවරයාට නැත්නම් ආණ්ඩුවට චෝදනා එල්ල වන බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කලේය.
නමුත් තරගය ජයගත්තේ නම් අද එල්ල වන විවේචන එල්ල නොවනු ඇති බවද හෙතෙම සඳහන් කළේය. කෙසේ නමුත් විස්සයි විස්ස කණ්ඩායම සඳහා අවුරුදු විසිපහට අඩු තරුණ තරුණයන් එක් විය යුතු බවත් අලුත් කණ්ඩායමක් හැදිය යුතු බව තමන් විශ්වාස කරන බවද හෙතෙම කියා සිටියේය.
ශ්‍රී ලංකා කණ්ඩායම මූලික වටයේ දෙවන තරඟයෙන්ද පරාජය වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් පළ කරමින් ඔහු මේ බව පැවසුවේය.