මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට පසුගිය දින කිහිපය තුල ඇද හැලුණු අධික වර්ෂාවත් සමග කාසල්රි සහ මවුස්සාකැලේ ජලාශවල ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් පවතින බව එම ජලාශයන් භාර ඉංජිනේරුවන් පැවසිය.

කාසල්රි ජලාශයේ ජල මට්ටමට පිටාර මට්ටමට අඩි 12 ක් සහ මවුස්සාකැලේ ජලාශයේ ජල මට්ටම පිටාර මට්ටමට අඩි 11 ක් වශයෙන් (08) දින වන විට තිබෙන බව ඉංජිනේරුවරුන් වැඩිදුරටත් සඳහන් කලෝය.

ජලාශයන් දෙකේම ජල මට්ටම ඉහල යාමත් සමග විමලසුරේන්ද්‍ර , ලක්ෂපාන , නව ලක්ෂපාන , කැනියොන් සහ පොල්පිටිය යන ජල විදුලි බලාගාර වල විදුලි උත්පාදනය උපරිම ධාරිතාවෙන් සිදු කරන බව ජල විදුලි බලාගාර ඉංජිනේරු කියා සිටියේය.

Share.

Comments are closed.