Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Sunday, June 8
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»sri Lankan special»ගිම්හාන සෘතුවේ නැරඹිය යුතු ලොව හොඳම ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාවත්
sri Lankan special

ගිම්හාන සෘතුවේ නැරඹිය යුතු ලොව හොඳම ගමනාන්ත තුන අතරට ශ්‍රී ලංකාවත්

kumudikaBy kumudikaJune 11, 2024No Comments3 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

2024 ගිම්හාන ඍතුවේ දී සඳහා නැරඹිය යුතු හොඳම ගමනාන්ත තුන අතරට Forbes සඟරාව විසින් ශ්‍රී ලංකාව නම් කර තිබේ.
එහි පළමු සහ දෙවැනි ස්ථාන දෙක වන්නේ ග්‍රීසිය සහ මොරිෂස් යන රටවල් ය.

Forbes සඟරාවට ලියන සංචාරක බ්ලොග් කරුවකු වන Kathleen Peddicord ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පාවෙන තවත් දූපත් රටක් ලෙසත් සශ්‍රීක උස්බිම් සහ විස්මිත වෙරළ තීරයන්ගෙන් යුත් දේශයක් ලෙසත් විස්තර කරයි.

ඇය ශ්‍රී ලංකාව සමාන කර ඇත්තේ සර්ෆ් සහ සුවතා සංස්කෘතීන්ගේ සම්මිශ්‍රණයක් ඇති බාලි දේශයේ අධික සංචාරක ඝනත්වයට පෙර පැවති තත්ත්වයටය.

යෝග, රේකි ප්‍රතිකාර , ශ්වසනාභ්‍යාස සහ අනෙකුත් යහ පිළිවෙත් සඳහා ස්ථාන මෑත වසරවලදී දිවයින පුරා බිහි වී තිබේ.

කළුකන්ද හවුස් සහ ආනන්තරා පීස් හෙවන් තංගල්ල රිසෝට් වැනි මෙම මධ්‍යස්ථානවලින් සමහරක් සුවතා සංකල්ප සුඛෝපභෝගී මට්ටමේ පහසුකම් සහ නවාතැන් සමඟ ඒකාබද්ධ කරන බව ඇය සඳහන් කර ඇත.

ජාතික වනෝද්‍යාන 22ක නිවහනක් වන ශ්‍රී ලංකාව ස්වභාවධර්මයට ආදරය කරන්නන් සඳහා ස්ථානයක් බව Kathleen Peddicord හෙළි කරයි.
එහි කඳු සහ ඝන උපනිවර්තන වනාන්තර විවිධාකාර ශාක හා සත්ව විශේෂවල ජීවය සඳහා සහාය වේ.

සෆාරිවලදී අලි ඇතුන්, අලස වලසුන් සහ දිවියන් වැනි සතුන් සංචාරකයන්ට දැකගත හැකිය.
2023 දී නිම කරන ලද සැතපුම් 186ක මාර්ගයක් වන Pekoe Trail, ප්‍රාදේශීය ගම්මාන, තේ වතු සහ ශුද්ධ වූ සිද්ධස්ථාන ඇතුළු මධ්‍යම කඳුකරය හරහා සංචාරකයන් රැගෙන යන බව ද ඇය සඳහන් කර තිබේ.

දුම්රියෙන් ශ්‍රී ලංකාව ගවේෂණය කළ හැකි ආකාරය සහ දර්ශනීය දසුන් දැක ගනිමින් අද්විතීය සංස්කෘතික අත්දැකීමක් භුක්ති විඳිමින් පහසුවෙන් ගමන් කළ හැකි ආකාරය ද ඇය හෙළිකර ඇත.

මෙරට වෙරළ තීරයන් විස්තර කරමින් Kathleen Peddicord පවසන්නේ පෙණ සහිත, රළ පහරවල් සහිත මෘදු වැලි සහිත වෙරළ තීරයන් ශ්‍රී ලංකාව සතු බවයි.
නවීනතම හෝටල් සහ කොක්ටේල් බාර් සහිත වෙරළ නගර මෙන්ම ස්පර්ශ නොකළ වැලි සහිත නිස්කලංක තීරයන්ගෙන් ද ශ්‍රී ලංකාව සමන්විත බව ඇය පෙන්වා දී තිබේ.

පළිඟු මෙන් පැහැදිලි ජලය සහ පාෂාණ සැකැස්ම සඳහා ප්‍රසිද්ධ මිරිස්ස වෙරළ 2024 සඳහා Tripadvisor හි ‘හොඳම වෙරළ තීරයන්’ අතර ඇති බව ද ඇය පෙන්වා දී ඇත.

ලෝකයේ වඩාත්ම ජනප්‍රිය යුරෝපයේ සංචාරක ගමනාන්ත මෙන් නොව ශ්‍රී ලංකාවට ඇත්ත වශයෙන්ම දැන් වැඩි නරඹන්නන් අවශ්‍ය බවත් මෙරට සංචාරක අධිකාරිය වැඩි පිරිසක් ආකර්ෂණය කර ගැනීම සඳහා අලෙවිකරණ ව්‍යාපාර සඳහා ආයෝජනය කරන බවත් Kathleen Peddicord පවසා ඇත.

කැනරි දූපත්, වැනීසිය සහ ඇම්ස්ටර්ඩෑම් වැනි ස්ථානවල සංචාරක විරෝධී විරෝධතා උණුසුම් වී තිබේ.

බෝම්බ ප්‍රහාරයකින්, වසංගතයෙන්, දරුණු ආර්ථික අර්බුදයකින් සහ අනෙකුත් මෑත සිදුවීම්වලින් ශ්‍රී ලංකාව තවමත් යථා තත්ත්වයට පත්වෙමින් සිටින බව පවසන Kathleen Peddicord, සංචාරක ව්‍යාපාරය රටේ ප්‍රධාන ආදායම් මාර්ගයක් බවත්, රට නැරඹීමෙන් රටවැසියන්ට මුදල් ලැබිය හැකි බවත් පවසයි.

ශ්‍රී ලංකාව ‘ට්‍රැවල් + ලෙෂර්’ හි 2024 දී සංචාරය කිරීමට හොඳම ස්ථාන 50 ලැයිස්තුවට සහ දකුණු සහ මධ්‍යම ප්‍රදේශ Condé Nast Travellerගේ 2024 දී යා යුතු හොඳම ස්ථාන 24 අතරට ඇතුලත්ව සිටී.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleක්‍රිකට් පරිපාලන නිලධාරීන්ගේ නිල කාලය දීර්ඝ කිරීමේ ගැසට්ටුවක්
Next Article 14 වන ආසියානු කායවර්ධන ශූරතාවලියෙන් ශ්‍රී ලංකාවට රන් පදක්කම් දෙකක්
kumudika

Related Posts

ජාත්‍යන්තර සාගර දිනය අදයි

June 8, 2025

දුම්රියේ ගමන් කරන ආබාධිත පුද්ගලයන්ට විශේෂ පහසුකම්

June 8, 2025

ඩුබායි වෙත පැමිණෙන සංචාරකයින්ට ඊද් සුබ පැතුම් මුද්දරයක්

June 7, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.