මෙරට පරිගණක සාක්ෂරතාවය 39% ක් දක්වා ඉහළගොස් ඇති බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පවසයි

2023 වර්ෂයේ පරිගණක සාක්ෂරතා සමීක්ෂණ වාර්තාවට අනුව මෙරට අවුරුදු 05 – 69ත් අතර පුද්ගලයින් 05 දෙනෙකුගෙන් දෙදෙනෙකුට පරිගණක සාක්ෂරතාව පවතින බව සඳහන් වේ.

එමෙන්ම පුද්ගලයින් 05 දෙනෙකුගෙන් තිදෙනෙකුට ඩිජිටල් සාක්ෂරතාව පවතින බවයි අදාළ වාර්තාවෙන් අනාවරණ වී ඇත්තේ.
එය දැක්වෙන්නේ 63.5% ක් ලෙසය.

මෙරට පවුල්වලින් 20.2% ක් ඩෙක්ස්ටොප් හෝ ලැප්ටොප් පරිගණක භාවිත කරන අතර නාගරික ජනතාවගේ පරිගණක හා ඩිජිටල් සාක්ෂරතාවයේ වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

ඒ අනුව 2021 වර්ෂයට සාපේක්ෂව 2023 වර්ෂය වනවිට මෙරට පරිගණක සාක්ෂරතාවය 4.7% කින් ඉහළ ගොස් ඇති බවයි ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව අනාවරණ කර ඇත.

ඉන් වැඩිම පරිගණක සාක්ෂරතාවයක් වාර්තාවන්නේ නාගරික ප්‍රදේශවලිනි.
ඒ 52.9% ක් ලෙසය.

බස්නාහිර පළාතේ වැඩිම පරිගණක සාක්ෂරතාවයක් පවතින අතර නැගෙනහිර පළාතේ අඩු පරිගණක සාක්ෂරතාවක් පවතින බව ජනලේඛන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව පෙන්වා දී ඇත.

Share.

Comments are closed.