ආසියානු සමාජ සේවා ක්ෂේත්‍රයේ, ශ්‍රී ලංකාවේ රාජ්‍ය නොවන සංවිධාන ( NGO ) ක්ෂේත්‍රයේ 2022 වසර වන විට අත් කරගෙන තිබූ කළු පැල්ලමෙන් මිදී ඉදිරියට ඒමට මේ වසරේදී සමත්ව තිබේ.

ආසියාවේ සමාජ සේවා ක්ෂේත්‍රයේ ක්‍රියාකාරීත්වයේ ප්‍රශස්ත බව මැන බැලෙන Doing Good Index 2024 වර්ෂයට අදාළ ශ්‍රේණිගත කිරීම් අනුව ඉදිරියට එමින් කාම්බෝජය,ඉන්දියාව, ඉන්දුනීසියාව,නේපාලය පකිස්ථානය, තායිලන්තය හා වියට්නාමය යන රටවල් සමඟ Doing Okay කාණ්ඩයට ඇතුළත් වීමට සුදුසුකම් හිමි කර ගෙන ඇත.

2022 දර්ශකයට අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය සමග ශ්‍රේණිගත කිරීම් වල Not Doing Enough කාණ්ඩයට ඇතුළත් වී තිබිණි.
පසුගිය කාලය පුරාම මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ මග පෙන්වීම මත සිදුකෙරුණු බොහෝ ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵල අනුව රාජ්‍ය නොවන සංවිධාන ක්ෂේත්‍රය දර්ශක වල ඉදිරියට ගෙන ඒමට හැකිවූ බව රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික මහ ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් සංජීව විමලගුණරත්න මහතා ප්‍රකාශ කර සිටියේය.

වසර දෙකෙන් දෙකට මැන බලන මෙම දර්ශකයේ සිංගප්පූරුව හා චීන,තායිපේ රටවල් අයත් වන Doing well කාණ්ඩයට 2026 වසර වන විට ඇතුලත් වීමට අවශ්‍ය ප්‍රතිසංස්කරණ මේ වන විටත් සිදුකර ඇති බවද අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් පැවසීය.

Share.

Comments are closed.