අද පැවැත්වීමට නියමිතව තිබූ ශ්‍රී ලංකාව හා නේපාලය අතර ලෝක කුසලාන විස්සයි විස්ස තරගාවලියේ තරඟය වර්ෂාව හේතුවෙන් අතහැර දැමීය.

ඒ අනුව දෙපිලටම සම ලකුණු ලබා දීමට සංවිධායකයන් කටයුතු කර ඇත.
තරග සැලැස්මේ ඩී කාණ්ඩයේ ශ්‍රී ලංකා කණ්ඩායම දැනට අවසන් ස්ථානයේ පසුවේ.

ශ්‍රී ලංකා කණ්ඩායමට සුපිරි අට දෙනාගේ වටයට යාමේ අවස්ථාව නොමැති තත්ත්වයකට මේ වන විට පත්ව තිබේ.
බංගලදේශය හා නෙදර්ලන්තය අතර පැවැත්වෙන තරඟයෙන් කුමන කණ්ඩායම ජයග්‍රහණය කළ ද ශ්‍රී ලංකා කණ්ඩායමට ඊළඟ වටයට යාමේ කිසිදු අවස්ථාවක් නොලැබී යයි.

එම තරඟයට වර්ෂාවෙන් බාධා ඇති වුවත් දළ ලකුණු ලබා ගැනීමේ වේගය අනුව හා ශ්‍රී ලංකා කණ්ඩායම සිටින ස්ථානය අනුව නෙදර්ලන්තය හා තරගය ඉතා විශාල පරතරයකින් ජයගෙන දෙවන ස්ථානයට යාමට අවස්ථාව ඉතා විරල බව වාර්තා වේ.

Share.

Comments are closed.