අද (13) අලුයම දක්ෂිණ අධිවේගයේ 61 වන කිලෝමීටර් කණුව ආසන්නයේ අනතුරක් සිදුව ඇත.

මත්තල දෙස සිට කොට්ටාව දෙසට ධාවනය වූ ඉන්ධන බවුසරයක් මාර්ගයේ මැද ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුවූ බව වාර්තා වේ.

අනතුරින් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැත.
මේ හේතුවෙන් කොළඹ දෙසට ධාවනය වන එක් මංතීරුවක් අවහිර වී ඇති අතර, කොළඹ දෙසට ගමන් කරන වාහන අනෙක් මංතීරුවෙන් ගමන් කළ හැක.

දක්ෂිණ අධිවේගයේ කුරුඳුගහහැතැක්ම පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Share.

Comments are closed.