යුක්‍රේනයට රුසියානු වත්කම්වලින් ඩොලර් බිලියන 50 ක ණයක් ලබා දීමට G7 රටවල නායකයින් එකඟ වී ඇත. රුසියානු හමුදා ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම සඳහා මෙම මුදල ලබා දේ.

රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම නිසා එරට ඩොලර් බිලියන 325 ක් වටිනා වත්කම් අත්හිටුවීමට යුරෝපා රටවල් එකඟතාවකට පැමිණියහ. බටහිර රටවල් පසුබසින්නේ නැති බවට මෙම පියවර හොඳ සාක්ෂිකයක් බව අමෙරිකනු ජනපති ජෝ බයිඩ්න් පවසා තිබේ.

කෙසේ වෙතත් මෙම තීරණය සමග අතිශයින්ම වේදනාකාරී පියවර ගැනීමට රුසියාව කටයුතු කරන බවත් සඳහන්ය.
මෙම ණය මුදල යුක්‍රේනයේ යුද ප්‍රයත්නයට සහ ආර්ථිකයට සහාය වීම සඳහා දිගුකාලීන විසඳුමක් ලෙස G7 නායකයින් සලකති.

මේ අතර ඉතාලියේ පැවැත්වෙන G7 සමුළුවේදී යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සහ අමෙරිකානු ජනපති ජෝ බයිඩ්න් , ගිවිසුමකටද අත්සන් තබා තිබේ.
එම ගිවිසුමට අනුව යුක්‍රේනය සහ එක්සත් ජනපදය අතර වසර 10 ක ද්විපාර්ශ්වික ආරක්ෂක ගිවිසුමක් ක්‍රියාත්මක වේ.

ගිවිසුම යටතේ යුක්‍රේනයට එක්සත් ජනපද මිලිටරි සහ පුහුණු ආධාර හිමිවීමට නියමිතය.

Share.

Comments are closed.