ඩුබායි නගරයේ දී blooming Blossom නමින් ශ්‍රී ලාංකික විසිතුරු මල් අලෙවි සැලක් පසුගියදා විවෘත විය.

විසිතුරු මල් ඇතුළු උත්සව අවස්ථා සඳහා අවශ්‍ය මල් සැරසිලි සපයන මෙම වෙළද ස්ථානය ඩුබායි international city නගරයට යාබද Lawnz by Danube නිවාස සංකීර්ණයේදී  පසුගියදා උත්කර්ශවත් ලෙස ආරම්භ විණි. ශ්‍රී ලාංකික ව්‍යවසායිකාවන් දෙනෙකු විසින් ආරම්භ කරන ලද මෙම වෙළඳ ආයතනය මගින් උත්සව අවස්ථා සඳහා අවශ්‍ය විවිධ මල් කළඹ, මල් සැරසිලි රැසක් පහසු මිලට ලබා ගත හැකිය

මෙම අවස්ථාව සඳහා ප්‍රධාන ආරාධිත අමුත්තන් ලෙස Bisnuess Cercle  හි නිර්මාතෘ ලයිලා රහ්ලා මහත්මිය, ඩුබායි ‍යි ශ්‍රී ලංකා කොන්සල් ජනරාල්  ගරු ඇලෙක්සි ගුණසේකර මහතා ඇතුළු අමුත්තන් පිරිසක් සහභාගී වූ බව වාර්තා විය.

Share.

Comments are closed.