දකුණු කොරියාවේ පැවැත්වෙන ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේ පිරිමි හෙල්ල විසි කිරීමේ තරගයේ රන් පදක්කම ‍‍දිනා ගැනීමට ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග සමත් වූයේය.

ඔහු පිරිමි හෙල්ල විසි කිරීම තරගයේ මීටර් 85.45 ක දක්ෂතාවයක් දක්වමින් නව තරග වාර්තාවක් මෙන්ම නව ශ්‍රී ලංකා වාර්තාවක් ද පිහිටුවනු ලැබීය.

මේ අතර ආසියානු හෙල්ල විසිකිරීමේ ශූරතාවලියේ කාන්තා හෙල්ල විසි කිරීමේ තරගයේ ලෝකඩ පදක්කමක් දිනාගැනීමට ශ්‍රී ලංකාවේ නදීෂා දිල්හානි ලේකම්ගේ අද (15) සමත් වූවාය.
ඇය මීටර 57.94 ක දක්ෂතාවක් දක්වමින් ජයග්‍රහණය කළාය.

Share.

Comments are closed.