ශ්‍රී ලංකා – කොදෙව් කාන්තා ක්‍රිකට් එක්දින තරඟාවලි​යේ පළමු තරඟ​යේ ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වූහ.
බටහිර ඉන්දීය කොදෙව් කාන්තා කණ්ඩායමට එරෙහිව තරඟයෙදී කඩුලු 06කින් කොදෙව් කණ්ඩායම පරාජයට පත් කරමින් ශ්‍රී ලංකා කණ්ඩායම මෙම ජය හිමි කර ගත්හ.

හම්බන්තොට මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී අදින් (15) ආරම්භ වූ තරඟ​යේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුව පන්දුවට පහර දීමට කොදෙව් කණ්ඩායමට ආරාධනා කරන ලදි.

ඒ අනුව, පිටියට පිවිසි කොදෙව් කාන්තා කණ්ඩායමට පන්දුවාර 47යි එක් පන්දුවක් අවසානයේ කඩුලු සියල්ල දැවී ලකුණු 197ක් රැස් කිරීමට සමත් වූහ.

කොදෙව් කණ්ඩායමේ නායිකා Hayley Matthews ලකුණු 38 (53) ක්ද, Shemaine Campbelle ලකුණු 27 (51)ක් ද, Aaliyah Alleyne ලකුණු 14 (19) ක්ද රැස් කිරීමට සමත් විය.

පන්දු යැවීමේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ සුගන්ධිකා කුමා​රි සහ කවිශ්කා දිල්හා​රි කඩුලු 03 බැගින්ද, නායිකා චමරි අතපත්තු සහ අචිනි කුලසූරි​ය එක් කඩුල්ල බැගින් දවාගත්හ.

අනතුරුව ලකුණු 198ක පිළිතුරු ඉලක්කයක් සහිතව පිටියට පිවිසි ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පන්දුවාර 34යි පන්දු 01ක දී කඩුලු 04ක් දැවී ලකුණු 198ක් ලබා ගනිමින් කොදෙව් කාන්තා කණ්ඩායම පරදා ජය වාර්තා කිරීමට සමත් විය.

විශ්මි ගුණරත්​න ලකුණු 40(50)ක් ද, චමරි අතපත්​තු ලකුණු 38(36)ක්ද, හසිනි පෙරේ​රා ලකුණු 43(59)ක්ද, හර්ශිතා සමරවික්‍ර​ම නොදැවී ලකුණු 44(53)ක්ද රැස් කිරීමට සමත් වුණි. 

Share.

Comments are closed.