රට තුළ විදේශ සංචිත ප්‍රමාණවත් පරිදි ඉහළ නොයාම හේතුවෙන් මෙම වසරේදි ද වාහන ආනයනය සඳහා අවසර නොදීමට මුදල් අමාත්‍යංශය තීරණය කර ඇත.

දැනට පවතින ඩොලර් බිලියන හයකට ආසන්න විදේශ සංචිත ප්‍රමාණය තවදුරටත් ශක්තිමත් කර ගැනීමෙන් පසුව වාහන ආනයනය කිරීමට රජය අවධානය යොමු කර තිබේ.

විදෙස් සංචිත ප්‍රමාණාත්මකව ඉහළ යාමෙන් පසු 2025 වසරේ සිට කාණ්ඩ වශයෙන් වාහන ආනයනය කිරීම රජය සැලසුම් කරමින් ඇත.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල ද සඳහන් කර ඇත්තේ මෙරට ආර්ථිකය තවමත් අවදානමකට ලක්ව ඇති බවය.

වාහන ආනයනයෙන් සම්බන්ධයෙන්ද ලක් රජය විසින් වැඩපිළිවෙලක් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල වෙත භාරදී ඇත.

මේ අතර රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 12500 ට තීරුබදු රහිත වාහන ආනයන බලපත්‍ර නිකුත් කර ඇති බව වාර්තා වේ.
නමුත් බදු රහිත වාහන ආනයන බලපත්‍ර ලබා දුන්නද වාහන ආනයනය නොකිරීමේ රජයේ ප්‍රතිපත්තිය මත මෙම බලපත්‍ර තවත් අයකුට අලෙවි කිරීමටද නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බව වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.