හජ් වන්දනාවට ගිය වන්දනාකරුවන් 6 දෙනකු අධික උණුසුම හේතුවෙන් මියගොස් ඇති බව වාර්තා වේ. මෙසේ මිය ගොස් ඇති පුද්ගලයින් ජෝර්දාන පුරවැසියන් වන බව සඳහන්ය.

ජෝර්දාන විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කර ඇත්තේ, භූමදානය කිරීමේ ක්‍රියා පටිපාටි සහ ඔවුන්ගේ සිරුරු නැවත ජෝර්දානයට මාරු කිරීම සම්බන්ධයෙන් ජෙඩාහි සෞදි බලධාරීන් සමඟ සම්බන්ධීකරණ කටයුතු සිදුකරමින් සිටින බවයි.

විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ මක්කම නගරයේ උෂ්ණත්වය මේ වන විට සෙල්සියස් අංශක 48 ඉක්මවා ඇති බවයි. සෞදි සංඛ්‍යා ලේඛනවලට අනුව මෙම වසරේ මිලියන 1.8කට වැඩි පිරිසක් හජ් වන්දනාවේ යෙදෙති.

හජ් යනු ලොව විශාලතම ආගමික රැස්වීම්වලින් එකක් වන අතර සෞදි අරාබියේ විශාලතම වාර්ෂික උත්සවයයි.

Share.

Comments are closed.