WhatsApp හරහා යොමු කරන හඬපට පරිවර්තනය කිරීමේ හැකියාව සම්බන්ධයෙන් එම සමාගම අත්හදා බලමින් සිටින බවට තොරතුරු වාර්තා වේ.

WE BetaInfo සඳහන් කළේ, එහි මූලික පියවර ලෙස භාෂා පහක් ඇතුළත් කර ඇති බවයි. ඒ අනුව
ඉංග්‍රීසි, රුසියන්, ස්පාඤ්ඤ, පෘතුගාල (බ්‍රසීල) සහ හින්දි භාෂා සම්බන්ධයෙන් අවධානය යොමු කර ඇත බව සඳහන් වේ.

ඇන්ඩ්‍රොයිඩ් 2.24.13.8 ඉහළ යාවත්කාලීන කිරීම් සඳහා මෙම අවස්ථාව හිමි වනු ඇති.
එමෙන් ම මෙටා සමාගම විසින් ඇමතුම් සහ වීඩියෝ ඇමතුම් සඳහා නවතම විශේෂාංග තුනක් හඳුන්වාදීමට කටයුතු කරමින් සිටින බවටද තොරතුරු වාර්තා වේ.

තිරය හුවමාරු කිරීම් (screen-sharing), ඇමතුමක් සඳහා සහභාගී වන ප්‍රමාණය වැඩි කිරීම් සහ අමතන්නා සුවිශේෂි කිරීම් (speaker spotlight) ඒ අතර වන බව වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.