ඩුබායි mall හි තවදුරටත් නොමිලේ රථ වාහන නැවැත්වීමට ඉඩ නොමැති අතර වාහන නැවැත්වීමේ නව ගාස්තු පිළිබඳ තොරතුරු එම ආයතනය විසින් නිකුත් කර ඇත.
Salik තාක්‍ෂණය උපයෝගී කරගනිමින් නව වාහන නැවැත්වීමේ ගාස්තු හඳුන්වා දුන් ඩුබායි mall සිය වාහන නැවැත්වීමේ පද්ධතිය නවීකරණය කිරීම සඳහා පියවර ගනු ලැබීය. 2024 මැද භාගය වන විට, පාරිභෝගිකයින්ට ඔවුන්ගේ Salik ගිණුම් වලින් ගාස්තු ස්වයංක්‍රීයව අඩු කර , බාධාවකින් තොරව වාහන නැවැත්වීමේ ක්‍රියාවලියක් අත්විඳිය හැකිය.

පාරිභෝගිකයාගේ Salik ගිණුමෙන් සෘජුව මෙම අය කිරීම් සිදු කරන බව සඳහන් වේ.
සතියේ දිනවල දී අය කිරීම් සැලසුම් කර තිබෙන්නේ මෙසේය.

පැය 1 සිට පැය 4 දක්වා නොමිලේද, පැය 4 සිට පැය  5 දක්වා ඩිරාම් 40 ක් ද,
පැය 5 සිට පැය  6 දක්වා ඩිරාම් 60 ක්ද අය කෙරේ.
පැය 6 සිට පැය  7 දක්වා ඩිරාම් 80 ක්,
පැය 8 සිට පැය 12 දක්වා ඩිරාම් 100 ක් හා
පැය 12 සිට පැය 24 දක්වා ඩිරාම් 500 ක්ද
පැය 24 ට වඩා වැඩි වන කාලය සඳහා ඩිරාම් 1,000 ක්ද අය කෙරෙන බව සඳහන් වේ.

සති අන්ත සිකුරාදා සිට ඉරිදා දක්වා අය කිරීම් සිදු වන්නේ මෙසේය.

පැය 1 සිට 6 දක්වා නොමිලේ වන අතර පැය 6 සිට 7 දක්වා ඩිරාම් 80 ක් , පැය 7 සිට පැය 8 දක්වා ඩිරාම් 100 ක් අය කරනු ලැබේ.
පැය 8 සිට පැය 12 දක්වා ඩිරාම් 200 ක්,
පැය 12 සිට පැය 24 දක්වා ඩිරාම් 500 ක් හා
පැය 24 ට වැඩි කාලය සඳහා ඩිරාම් 1,000 ක් අය කෙරෙනු ඇත.

මෙම ගාස්තු Grand Parking, Cinema Parking, සහ Fashion Avenue වාහන නැවැත්වීමේ ප්‍රදේශ සඳහා අදාළ වේ. කෙසේ වෙතත්, Zabeel සහ Fountain Views වාහන නැවැත්වීමේ ස්ථාන දැනට නොමිලේ පවතින බව වැඩිදුරටත් සඳහන්‍ ය.

Share.

Comments are closed.