කලුතර ,කටුකුරුන්ද ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ සංචාරක හෝටලයක් පිටුපස මුහුදු වෙරලේ පාවෙමින් තිබී හදුනා නොගත් ලේසර් තාක්ෂණය සහිත විශේෂ උපකරණයක් සොයා ගත් බව කළුතර දකුණ පොලිසිය කියා සිටි.

මුහුදේ කිසියම් උපකරණයක් පාවෙමින් තිබෙන බවට පුද්ගලයකු විසින් කල දැනුම් දීමක් අනුව කලුතර දකුණ පොලිස් ස්ථානය දැනුවත් කිරීමෙන් පසු පොලිසිය ඒ සම්බන්ධයෙන් පරික්ෂණ ආරම්භ කර ඇත.

කළුතර කටුකුරුන්ද විශේෂ කාර්ය බළකා නිළධාරින් විසින් මහජනතාව එම ස්ථානයෙන් ඉවත්කර එම උපකරණය සුරක්ෂිතව පරීක්ෂණ කටයුතු සදහා රැගෙන ගොස් ඇතැයි වැඩිදුරටත් සඳහන්.

Share.

Comments are closed.