බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය පසුබිම් ගායිකාවක වන අල්කා යාග්නික් දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයක් ඇති වී ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි. 

ඉන්දීය මාධ්‍ය මේ බව වාර්තා කළේ අල්කා යාග්නික් ඇය මුහුණ දුන් එම රෝගාබාධය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කළ සංවේදී සටහනක් ද උපුටා දක්වමිනි.

“මගේ රසිකාවියන්ට, මගේ මිතුරු මිතුරියන්ට සහ මං ගැන නිතර සොයා බලන සැමට කියන්න ඕනෑ, මම පසුගිය දා අකරතැබ්බකට මුහුණ දුන්නා. මට හිටිහැටියේ ඇහෙන්නේ නැතිව ගියා. ඒ මම ගුවන් ගමනක් නිම වී ආපසු යද්දී. වෛද්‍යවරුන් තමයි මට පැහැදිලි කළේ මම දුර්ලභ ශ්‍රවණාබාධ රෝගී තත්ත්වයකින් පෙලෙන බව”  යැයි අල්කා යාග්නික් සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ දැනුම් දී ඇත.

58 හැවිරිදි අල්කා යාග්නික් වඩාත් ප්‍රකට 90 දශකයේ බොලිවුඩ් පසුබිම් ගායිකායක ලෙසය. ඇය සම්මාන රැසකින් පිදුම් ලබා සිටී. වෛද්‍යවරුන් පැහැදිලි කරන ආකාරයට ඇය මෙම දුර්ලභ ශ්‍රවණාබාධ තත්ත්වයට ගොදුරු වී ඇත්තේ ආසාදන තත්ත්වයක් හේතුවෙන් සංවේදී ස්නායු දුර්වල වීමෙනි. 

Share.

Comments are closed.

Exit mobile version