ස්පාඤ්ඤයේ බිල්බා­වෝ­හිදී පැවති 19 වැනි බිල්බාඕ රෙයු­නි­යන් ආරා­ධිත මලල ක්‍රීඩා තර­ගා­ව­ලි­යේදී නව ආසි­යානු සහ ශ්‍රී ලංකා වාර්තා­වක් බිහි කිරී­මට ශ්‍රී ලංකාවේ තරුෂි කරු­ණා­රත්න ක්‍රීඩිකාව සමත් වූවාය.

මේ තර­ගා­ව­ලියේ මීටර් 600 කාන්තා ඉස­ව්වට එක්වූ තරුෂි මිනිත්තු 1:24.84කින් තර­ගය නිමා කර­මින් රිදී පද­ක්කම දිනා­ගත් අතර, ඇය වාර්තා කළ කාලය එම ඉසව්වේ නව ආසි­යානු වාර්තා­වක් බවට ද පත් විය. මෙහි පැරණි වාර්තා 2022 වසරේ ජපාන ක්‍රීඩි­කා­වක විසින් පිහි­ටුවා තිබුණේ මිනිත්තු 1:28.06 කාල­යක් වාර්තා කර­මිනි. මීටර් 800 කාන්තා ඉසව්වේ ඔලි­ම්පික් සුදු­සු­කම් ලැබීමේ කාලය මිනිත්තු 1:50.30ක් වන අතර, තරුෂි මෙම තර­ඟයේදී වාර්තා කළ කාලය මීටර් 800 ඉස­ව්වෙන් මිනිත්තු 1:59.70කට සමාන වේ. මේ ඉසව්වේ රන් පද­ක්කම ඉති­යෝ­පි­යාවේ උපන් ඔස්ට්‍රේ­ලි­යානු ක්‍රීඩිකා බෙන්ඩරේ ඔබෝයා දිනා ගත්තේ මිනිත්තු 1:24.53 කිනි.

මීටර් 800 ඉස­ව්වෙන් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා ගැනීමේ අර­මු­ණින් තරුෂි මේ තර­ගා­ව­ලි­යට එක්වූ අතර, මේ තර­ගය මීටර් 600 වුවද මේ මඟින් ඒ සඳහා අවශ්‍ය පරි­සා­ධන ලකුණු එකතු කර ගැනී­මට අව­ස්ථාව හිමි වීම විශේ­ෂ­ත්ව­යකි.

මේ අතර මීටර් 400 ශ්‍රී ලංකා ධාවන ශූර කාලිංග කුමා­ර ද මේ තර­ගා­ව­ලි­යට එක් විය. ඔහුට එම ඉස­ව්වෙන් හිමි වූයේ ලෝකඩ පද­ක්ක­මයි. එම තර­ගය නිමා කිරී­මට කාලිංග තත්පර 45.91ක කාල­යක් ගත කර තිබිණි. කෙසේ වෙතත් ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනී­මට නම් ඔහු තත්පර 45.00ට අඩු­වෙන් මේ ඉසව්ව නිමා කළ යුතුව තිබිණි.

Share.

Comments are closed.