එමිරේට්ස් තාරකා විද්‍යා සංගමයේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සභාපති සහ අභ්‍යවකාශ හා තාරකා විද්‍යා පිළිබඳ අරාබි සංගමයේ සාමාජික ඉබ්‍රාහිම් අල් ජර්වාන් මහතා පවසන පරිදි අද සිට එමීර් රාජ්‍යයේ ග්‍රීෂ්ම සෘතුව ආරම්භ වී ඇත.

අද දින උෂ්ණත්වය සෙල්සියස් අංශක 49 දක්වා ළඟා වනු ඇතැයි අපේක්ෂා කළ අතර ආර්ද්‍රතා දර්ශකය සියයට 90 දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කෙරුණි. සාමාන්‍යයෙන් ගිම්හානයේ පළමු භාගයේ දී, කාලගුණය වියළි වන අතර ක්‍රියාකාරී සුළං අපේක්ෂා කළ හැකියි. මෙම ගිම්හාන කාලය ජූනි 21 සිට අගෝස්තු 10 දක්වා පවතිනු ඇතැයි සඳහන් වේ.

දිවා කාලයේදී උෂ්ණත්වය 41°C සහ 43°C අතර පවතිනු ඇතැයි පුරෝකථනය කර තිබෙන අතර ඇතැම් ප්‍රදේශ 50ºC තරම් ඉහළ අගයක් ගන්නා බව වාර්තා වනවා. රාත්‍රියේදී 26°C සහ 29°C අතර උෂ්ණත්වයක් පවතිනු ඇතැයි වැඩිදුරටත් කාලගුණ වාර්තාවේ වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.