ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව අනිවාර්යෙන්ම මෙම වසර තුළ ජනාධිපතිවරණය පැවැත්විය යුතු බව මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.
එය කිසිසේත් කල් දැමිය නොහැකි බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

ඒ අනුව ඔක්තෝබර් 17 පෙර ජනාධිපතිවරණය අනිවාර්යයෙන්ම පැවැත්විය යුතු බව පැවසීය.
ඒ සඳහා මැතිවරණ කොමිෂන් සභාවට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බලය ලැබී තිබේ.
ඒ සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට ආණ්ඩුව බැදී සිටින බවද සඳහන් වේ.

මේ අතර පළාත් සභා ඡන්ද විමසීම ,පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සහ ලබන වසරේ පැවැත්විය යුතු පාර්ලිමේන්තු මහ මැතිවරණය 2025 දෙසැම්බර් මාසයට පෙර පැවැත්විය යුතු බව හිටපු සභාපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Share.

Comments are closed.