Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»ශ්‍රී ලංකාවේ බිඳ වැටුනු කර්මාන්ත හා ව්‍යාපාර යළි නංවන්න රුපියල් කෝටි 2,000 ක්
Sri Lankan news

ශ්‍රී ලංකාවේ බිඳ වැටුනු කර්මාන්ත හා ව්‍යාපාර යළි නංවන්න රුපියල් කෝටි 2,000 ක්

kumudikaBy kumudikaJune 24, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

දිවයිනේ බිඳ වැටී ඇති කර්මාන්ත, ව්‍යාපාර යළි නැංවීමට රුපියල් කෝටි 2,000ක් තරම් වූ විශාල මුදලක් ක්ෂුද්‍ර, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ටත් ව්‍යවසායකයන්ටත් ණය පහසුකම් ලෙස ලබාදීමට රජය නව ණය යෝජනා ක්‍රම හතරක් ආරම්භ කර ඇත. ඉතා අඩු පොලී අනුපාත සහ සරල කොන්දේසි යටතේ මෙම යෝජනා ක්‍රම ක්‍රියාත්මක කරන බව කර්මාන්ත හා සෞඛ්‍ය ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා ප්‍රකාශ කළේය.

මුදල් අමාත්‍යාංශය කර්මාන්ත අමාත්‍යාංශය එක්ව මෙරට ප්‍රමුඛ පෙළේ බැංකු 16ක් හරහා මෙම යෝජනා ක්‍රම හතරෙන් දෙකක් ක්‍රියාත්මක කරයි. කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලාවේ ඊයේ (23) පෙරවරුවේ පැවැති ජාත්‍යන්තර කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව Ceylon Federation Of MSME සංවිධානය කළ ව්‍යවසායක ප්‍රජා සම්මන්ත්‍රණය අවස්ථාවේ දී කර්මාන්ත ඇමැතිවරයා මේ බව කීය. සේවකයන් දෙසීයකට අඩු පිරිසක් සේවය කරන නිෂ්පාදන, කර්මාන්ත ව්‍යවසායකයට සහ කර්මාන්තයකට පළමු ණය යෝජනා ක්‍රමයෙන් රුපියල් ලක්ෂ 150ක් උපරිමයක ණය මුදලක් ලබාගත හැකිය. ඒ සඳහා අය කරන පොලිය සියයට හතකි. ණය මුදල ආපසු ගෙවිමේ කාලය වසර දහයක් වන අතර ණය මුදල් ගෙවීම ආරම්භ කිරීම සඳහා වසරක සහන කාලයක් ලැබෙයි.

මෙම ණය යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික අංශයේ බැංකු 16ක් තෝරාගෙන ඇත. එක් බැංකුවකට රුපියල් මිලියන 750 ලබා දී ඇත.

දැනට ශ්‍රී ලංකා ණය තොරතුරු කාර්යාංශයේ අසාධු ලේඛනගත සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට පවා රුපියල් ලක්ෂ පනහක උපරිමයක ණයක් ලබාගත හැකි යෝජනා ක්‍රමයක් ක්‍රියාත්මකය. එහි පොලිය සියයට අටක් වන අතර ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර පහකි. ණය මුදල ගෙවීම ආරම්භ කිරීමට වසර තුනක සහන කාලයක් ලබා දී තිබේ. මීට අමතරව කර්මාන්ත අමාත්‍යාංශය විසින් චක්‍රීය අරමුදල් යටතේ ද සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට අරමුදල් සැපයීමට යෝජනා ක්‍රම දෙකක් ක්‍රියාත්මක කොට තිබේ.

smile සහ e pend එම යෝජනා ක්‍රම දෙක වේ. පරිසර හිතකාමී ව්‍යාපෘති ආරම්භ කිරීමට රුපියල් මිලියන 30ක මුදලක් ලබා දෙයි. ඒ සඳහා අය කරන පොලිය 6.5 %කි. ණය මුදල ආපසු ගෙවීමේ කාලය වසර දහයකි. අවුරුදු දෙකක සහන කාලයකින් පසු ගෙවීම් ආරම්භ කළ යුතු වේ. කුඩා ව්‍යාපාර සංවර්ධනයට ද රුපියල් ලක්ෂ දහයක ණය මුදලක් ලබා දීමට කටයුතු යොදා ඇත. ණය ගෙවීමට වසර දහයක කාලයක් ලබා දී තිබෙන අතර මෙම ණය මුදල් ලබා ගැනීමේ දී කර්මාන්ත අමාත්‍යාංශයේ නිර්දේශ ලබා ගැනීමට අවශ්‍ය නම් ඒවා සතියේ වැඩකරන දින පහක් තුළ ලබාදීමට සූදානම් බව කර්මාන්ත අමාත්‍යාංශ ලේකම් ශාන්ත වීරසිංහ මහතා පැවැසීය.

මෙම සම්මන්ත්‍රණය අමතා අධිකරණ, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කටයුතු ඇමැති ආචාර්ය විජයදාස රාජපක්ෂ, ජ්‍යෙෂ්ඨ ජනාධිපති නීතිඥ උපුල් ජයසූරිය, Ceylon Federation Of MSME සභාපතිනි ශෂිකා ද සිල්වා ඇතුළු විද්වතුන් කිහිප දෙනෙක් අදහස් ප්‍රකාශ කරනු ලැබීය. මෙම අවස්ථාවට ව්‍යවසායකයින් සහ කර්මාන්තකරුවෝ රැසක්ම සහභාගිවී සිටියහ.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleඩුබායි ගුවන් තොටුපළ ඊද් නිවාඩු කාලය තුළ සංචාරකයින් මිලියන භාගයකට වඩා වැඩි සංචාරක පිරිසක් හසුරුවයි
Next Article අත්‍යාවශ්‍ය නිර්වින්දන බෙහෙතක හිඟයක් – සැත්කම් කටයුතු අඩාල වෙයි
kumudika

Related Posts

බූලි සහ බැරල් වලට ඉන්ධන ලබා දීම තෙල් සංස්ථාව අත්හිටුවයි

June 18, 2025

ඉරාන නායකයාට කොන්දේසි විරහිතව යටත් වන ලෙස ට්‍රම්ප් කියයි

June 18, 2025

ශ්‍රි ලංකාවේ ප්‍රංශ ණය ප්‍රතිව්‍යුහගතකරණ ගිවිසුම් අත්සන් කෙරේ

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.