අමෙරිකානු විශ්වවිද්‍යාලවලින් උපාධි ලබන සිසුන්ට රට තුළ රැඳී සිටීමට හැකියාව ලැබෙන පරිදි Green Card ලබා දිය යුතු බව රිපබ්ලිකන් ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් කියා සිටී.

ඔහු මෙම අදහස් පළ කර ඇත්තේ, අමෙරිකානු ජනපතිවරණයට අදාළව අන්තර්ජාලය ඔස්සේ කළ සාකච්ඡාවකට එක් වෙමිනි. කෙසේ වෙතත් ට්‍රම්ප්ගේ මෙම ප්‍රකාශය ඔහුගේ දැඩි සංක්‍රමණික ස්ථාවරයට පටහැනි යෝජනාවක් බව බොහෝ අය පවසති.

Silicon Valley තාක්‍ෂණ ආයෝජකයින් විසින් සත්කාරකත්වය සපයන ලද මෙම All-In podcast අතරතුර, තාක්‍ෂණ කර්මාන්තය සඳහා, ඉහළ නිපුණතා සහිත කම්කරුවන් නොමැතිවීම ප්‍රධාන ගැටලුවක් වී ඇති බවට වාර්තා වේ.
එම නිසා දක්ෂයින්ව නීත්‍යානුකූලව රට තුළ රඳවා ගැනීමට එක්සත් ජනපදයට හැකි විය යුතු බව ආයෝජකයන් පවසා තිබේ.

ඊට ප්‍රතිචාර ලෙස ජනාධිපති අපේක්ෂක ඩොනල්ඩ් ට්‍රම්ප් මේ බව පවසා ඇත.
අමෙරිකානු විශ්වවිද්‍යාලයකින් උපාධිය ලබා ගන්නන්ට රටේ රැඳී සිටීමට හැකි වන පරිදි ඩිප්ලෝමාවේ කොටසක් ලෙස ස්වයංක්‍රීයව ග්‍රීන් කාඩ් එකක් ලැබිය යුතු අතර එයට කනිෂ්ඨ විද්‍යාල ද ඇතුළත් කරන බව ට්‍රම්ප් පවසා තිබෙනවා.

අමෙරිකානු green card එකක්, ස්ථිර නේවාසික කාඩ්පතක් ලෙසද හැඳින්වෙන අතර එමගින් පුද්ගලයන්ට එක්සත් ජනපදයේ ස්ථිරව ජීවත් වීමට සහ වැඩ කිරීමට අයිතිය ලබා දෙන අතර එය අමෙරිකානු පුරවැසිභාවය සඳහා මුල් පියවරකි.

Share.

Comments are closed.