විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳ අවසන් තීරණය ලබන 15 වැනිදා ප්‍රකාශයට පත්කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

ඊට අදාළ ලිඛිත මහජන අදහස් විමසීම ලබන 08 වැනිදා දක්වා ක්‍රියාත්මක කරන බව වාර්තා වේ.

ලබන 09 වැනිදා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී මහජන අදහස් විමසීම සිදුවන බව කොමිෂන් සභාව කියා සිටි.

විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලංකා විදුලි බල මණ්ඩලය සකස් කර යෝජනාවලිය පසුගියදා මහජන උපයෝගීතා කොමිෂමට බාරදීම සිදුවිය. ඉන් යෝජනා කර ඇත්තේ විදුලි ගාස්තු අඩුකිරීමටයි.

Share.

Comments are closed.

Exit mobile version