ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් ජූනි 29 දා අබුඩාබියේදී
නොමිලේ වෛද්‍ය කඳවුරක් පැවැත්වීමට නියමිත බව වාර්තා විය.

සහන සංවිධානය විසින් අහලියා රෝහල් සමූහය හා එක්ව නොමිලේ පවත්වන මෙම වෛද්‍ය කඳවුර ජූනි 29 සෙනසුරාදා උදෑසන 9.00 සිට දහවල් 1.00 දක්වා පැවැත්වීමට කටයුතු සූදානම් කර තිබේ. මෙම වෛද්‍ය කඳවුර පැවැත්වෙන්නේ අබුඩාබියේ අහලියා රෝහල් පරිශ්‍රයේදීයි.

මෙහිදී නොමිලේ වෛද්‍ය සේවා රැසක් ලබා ගැනීමට අවස්ථාව උදා වන අතර ඊට වෛද්‍ය උපදෙස්, දන්ත චිකිත්සක සේවා, ඇස් පරික්ෂාව, රුධිර පීඩන පරික්ෂාව වැනි සේවා ඇතුලත්ය. ඇස් කණ්ණාඩි රාමු සඳහා 60% දක්වාද, කාච සඳහා 40% දක්වාද  වට්ටම් ලබා දීමට මෙහිදී කටයුතු යොදා තිබෙනවා. මීට අමතරව වට්ටම් සහිතව වෛද්‍ය සේවා රැසක් ලබා ගැනීමේ අවස්ථාව මෙම වෛද්‍ය කඳවුර හරහා ශ්‍රී ලාංකිකයන්ට හිමි වන බව වැඩිදුරටත් සඳහන් වේ.

Share.

Comments are closed.