ශ්‍රී ලංකාව සිය ද්විපාර්ශික ණය හිමියන්ගේ නිල කමිටුව සමග අමෙරිකානු ඩොලර් බිලියන 5.8ක ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ අවසන් එකඟතාවට එළඹී ඇති බව වාර්තා විය.

මෙම ගිවිසුම හරහා ශ්‍රී ලංකාවට විශාල ණය සහනයක් හිමිවන අතර අත්‍යවශ්‍ය මහජන සේවාවන් පවත්වා ගැනීමටත් සංවර්ධන අවශ්‍යතා සඳහා මූල්‍ය පහසුකම් සපයා ගැනීමටත් මේ හරහා හැකිවන බව ජනාධිපති මාධ්‍ය අංශය වැඩිදුරටත් සඳහන් කර තිබේ.

Share.

Comments are closed.