වර්ෂාවෙන් බලපෑමට ලක් වූ ක්‍රිකට් තරඟවල ප්‍රතිඵල තීරණය කිරීම සඳහා නිර්මාණය කල ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ සම නිර්මාතෘ වූ ෆ්‍රෑන්ක් ඩක්වර්ත් මියගොස් තිබේ.

මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 84කි.
විදෙස් මාධ්‍ය පවසන්නේ ඔහු පසුගිය 21වැනිදා මියගොස් ඇති බවය.

ඉංග්‍රීසි සංඛ්‍යා ලේඛනඥයින් වන ඩක්වර්ත් සහ ටෝනි ලුවිස් විසින් නිර්මාණය කරන ලද මුල් ක්‍රමය 1997 දී ප්‍රථම වරට ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාවේ භාවිතා කරන ලද අතර පසුව එය අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය විසින් (ICC) විධිමත් ලෙස සකස් කර සම්මත කරගනු ලැබිණි. 

ඩක්වර්ත් සහ ලුවිස් යන දෙදෙනාටම 2010 වසරේදී  MBE (Member of the Order of the British Empire) ප්‍රදානයක් ද සිදු කෙරිණි. ඩක්වර්ත් සහ ලුවිස් න්‍යායේ අනෙක් සම නිර්මාණකරු වන ටෝනි ලුවිස් 2020 වසරේදී මිය ගිය අතර මිය යනවිට ඔහුගේ වයස අවුරුදු 78කි.

Share.

Comments are closed.