තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
අද (27) අළුයම 3.30ට නිකුත් කර ඇති එම නිවේදනය ඉදිරි පැය 24 දක්වා බල පැවැත්වේ.

ඉතා තද සුළං ඇති විය හැකි බවත්, මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවත් එහි දක්වා තිබේ.
ඒ අනුව අරාබි මුහුද ප්‍රදේශයේ ක්‍රියාකරන බහුදින ධීවර සහ නාවික ප්‍රජාවන්ට වඩාත් සැළකිලිමත් වන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී ඇත.

මේ අතර බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද (27) දිනයේ විටින් විට වැසි ඇතිවිය හැකිය. මාතලේ සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද අද දිනයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව සඳහන් වේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරුමැද සහ වයඹ පළාත් වලත්, ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50ක පමණ තද සුළං ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කළේය.

Share.

Comments are closed.