ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ පුහුණු උපදේශක මහේල ජයවර්ධන මහතා එම තනතුරෙන් ඉවත් වී තිබෙන බව වාර්තා වේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ මහේල ජයවර්ධන මහතා සිය ඉල්ලා අස්වීමේ ලිපිය, එම ආයතනයට යොමුකර ඇති බවයි.

ඔහුගේ ධුර කාලය තුළ ජාතික කණ්ඩායම් පරිසර පද්ධතියේ සහ ඉහළ කාර්ය සාධන මධ්‍යස්ථානයේ ව්‍යුහයේ සැලකිය යුතු වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට උපකාරී වූ බව එම නිවේදනයේ වැඩි දුරටත් දැක්විණි.

ඇමෙරිකාවේදී පසුගියදා පැවැති විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා පිල අසාර්ථක වීම පිළිබඳව මහේල ජයවර්ධන මහතාටද චෝදනා එල්ල විය.

Share.

Comments are closed.