ඩුබායි සමර් සර්ප්‍රයිස් එහි 27 වන අදියර අද සිට සැප්තැම්බර් 1 දා දක්වා පැවැත්වීමට සූදානම් වේ. දින 65ක විනෝදකාමී සහ ඇදහිය නොහැකි දීමනාවලින් මෙම උත්සව සමය පිරී යනු ඇත.

ඩුබායි උත්සව සහ වෙළඳ ආයතනය විසින් සංවිධානය කරන මෙම උත්සවය පදිංචිකරුවන්ට සහ සංචාරකයින්ට ආකර්ෂණීය අත්දැකීම් ලබා දෙන බව සඳහන්ය.
නගරය පුරා පැවැත්වෙන මෙම උත්සවය දිනපතා දිනුම් ඇදීම්, සුවිශේෂී වෙළඳ ප්‍රවර්ධන සහ විවිධ හෝටල් සහ ආකර්ශනීය ස්ථාන වෙත නොමිලේ ප්‍රවේශය හා වට්ටම් ලබා දෙන බව සඳහන් වේ.

මීට අමතරව සංගීත  ප්‍රසංග, විවිධ සූපශාස්ත්‍ර අත්දැකීම් ඇතුලු තවත් බොහෝ ඉසව් ගණනාවක්ද මීට ඇතුලත්ය.

Share.

Comments are closed.