ලංකා විදුලිබල මණ්ඩලයේ සේවකයන් වෙනුවෙන් නව වැටුප් ව්‍යුහයක් නිර්මාණය කිරීමට පියවර ගන්නා බව සඳහන් වේ. කාර්ය සාධන පදනම් කරගත් දිරි දීමනා සහ උසස් වීම් ක්‍රමයක් හඳුන්වා දෙන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර ප්‍රකාශ කර ඇත.

විදුලිබල මණ්ඩලයට බඳවාගන්නා සේවක සංඛ්‍යාව අඩු කිරීම සඳහා දැනට සිටින සේවකන් 26,000ක සේවක ලැයිස්තුව සංශෝධනය කරන බව අමාත්‍යවරයා කියා සිටි.

විදුලිබල මණ්ඩලයේ වෘත්තිය සමිති සමග කළ සාකච්ඡාවකදි මෙම තීරණයන්ට එලඹි බව කී අමාත්‍යවරයා විදුලිබල මණ්ඩලයේ ප්‍රතිසංස්කරණවල ව්‍යුහය, විවිධ කාර්යන් ක්‍රියාත්මක කිරීමේ කාලය, අනුප්‍රාප්තික සමාගම්වල පැමිණීම, සේවක කළමනාකරණය, වැටුප් ව්‍යුහය, ඉදිරි ප්‍රතිපත්ති සහ සෙසු කළමනාකරණ තීරණ පිළිබඳව ද එහිදි වෘත්තීය සමිති නියෝජිතයන් සමග සාකච්ඡා කළ බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කලේය.

Share.

Comments are closed.