Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Wednesday, June 18
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ඇරඹීමට තෙල් සංස්ථාවෙන් අනුමැතිය
Sri Lankan news

නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ඇරඹීමට තෙල් සංස්ථාවෙන් අනුමැතිය

kumudikaBy kumudikaJuly 1, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

සිපෙට්කෝ’ යටතේ නව ඉන්ධන පිරවුම්හල් 100 ක් ආරම්භ කිරීමට ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ අධ්‍යක්‍ෂ මණ්ඩලය පසුගිය සතියේ අනුමැතිය දී ඇතැයි එම සංස්ථාවේ වෘත්තිය සමිති කියා සිටි.

ජනාධිපතිවරණයක් මෙම මස නිවේදනය කිරීමට නියමිතව තිබියදී ඉන්ධන පිරවුම්හල් 100 ක් වැනි විශාල සංඛ්‍යාවකට අනුමැතිය දීම පිළිගත නොහැකි බවත් ලංකා ඉතිහාසයේ මෙවැනි විශාල ඉන්ධන පිරවුම්හල් සංඛ්‍යාවකට එකවර අනුමැතිය දුන් පළමු අවස්ථාව මෙය බවත් වෘත්තිය සමිති සඳහන් කරයි.

ඉන්ධන පිරවුම්හල් හතරකට පහකට එකවර අනුමැතිය ලැබුණු අවස්ථාව තිබුණ ද මෙවැනි විශාල පිරවුම්හල් සංඛ්‍යාවක් එකවර ඉදිරිකිරීම සැක සහිත බව කියන වෘත්තිය සමිති මෙම පිරවුම්හල් පැවරීමේ ගණුදෙනු සැකසහිත මෙන්ම ඒවායෙන් වැඩි සංඛ්‍යාවක් දේශපාලඥයන් සහ ඔවුන්ගේ හිතවතුන්ට පවරා ඇති බව ද කීය.

ඉන්ධන ආනයනය කිරීමට ඩොලර් නොමැතිවීමට පිළියමක් ලෙස ඛනිජ තෙල් සංස්ථාව යටතේ තිබූ ඉහළතම අළෙවියක් තිබූ ඉන්ධන පිරවුම්හල් ඇතුළු පිරවුම්හල් 450 ක් විදේශ පෞද්ගලික සමාගම්වලට දී නව පිරවුම්හල් ඉදිකිරීම පිළිගත නොහැකි බවද ,නව පිරවුම්හල්වලට ඉන්ධන සැපයීමට සංස්ථාව ඩොලර් වැයකර ඉන්ධන ආනයනය කළ යුතු බවත් වෘත්තිය සමිති කියයි. බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා ඇතුළු ආණ්ඩුව මෙයට පිළිතුරු සැපයිය යුතු බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ එම ඉන්ධන පිරවුම්හල් පැවරූ ආකාරය ජනතාවට හෙළි කළ යුතු බව ද සඳහන් කරති.

විදේශ පෞද්ගලික සමාගම් පිරවුම්හල් ඉදිකිරීමට කිසිදු වියදමක් නොකර ඉන්ධන ආනයනය පමණක් කර ලාභ ලබමින් සිටින බව කියන වෘත්තිය සමිති නියෝජිතයෝ නව පිරවුම්හල් ඉදිකරන්නේ නම් එම පිරවුම්හල් විදේශ සමාගම්වලට දීමේ අවස්ථාව තිබුණ බව ද කියති.

ලංකා ඛනිජ තෙල් සංස්ථාවේ කළමණාකර අධ්‍යක්‍ෂ මේජර් ජනරාල් දර්ශන රත්නායක මහතාගෙන් මේ පිළිබඳව කළ විමසුමකදී පැවසුවේ සිපෙට්කෝ සතුව තිබූ පිරවුම්හල් 450 ක් විදේශ සමාගම්වලට පැවරීම නිසා නව ඉන්ධන පිරවුම්හල් 300 ඉදිරිකිරීමට බලශක්ති අමාත්‍යංශයේ අනුමැතිය ලැබී ඇති බවත් ඉන් පිරවුම්හල් 300 න් කොටසකට මෙසේ පසුගිය සතියේ අනුමැතිය දුන් බවත්ය.

එම ඉන්ධන පිරවුම්හල් පැවරීම සඳහා පුවත්පත් දැන්වීම් පළකර අයදුම්පත් කැඳවා තේරීම් මණ්ඩලයක් හරහා පැවරුම්ලාභීන් තෝරාගත් බවත් ඛනිජ තෙල් සංස්ථාවේ අනුමැතිය ලැබුණු ලැයිස්තුව ද නැවත අනුමැතියක් සඳහා බලශක්ති අමාත්‍යංශයට යොමු කරන බවත් දර්ශන රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.

Featured Sri Lanka
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleදෙමළ ජාතික සන්ධාන හිටපු නායක සම්බන්ධන් මහතා අභාවප්‍රාප්ත වෙයි
Next Article දිවයිනේ තෙල් මිල පහලට
kumudika

Related Posts

Al Ain Camel Racing Festival තරඟ 605 ක් සමඟ ඇරඹීමට සූදානම්

June 18, 2025

එමීර් රාජ්‍යය හදිසි ගුවන් තොටුපළ ප්‍රතිචාර සැලැස්ම ක්‍රියාත්මක කරයි

June 18, 2025

Emirates ගුවන් සමාගමෙන් ළමා මගීන් සඳහා සෙල්ලම් බඩු සහ බෑග් එකතුවක් හඳුන්වා දෙයි

June 18, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.