මාර්තු මස 31දා වන විට රුපියල් 371ක්වූ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල අප්‍රේල් මාසයේ රුපියල් 03කින්ද, මැයි මස මිල සංශෝධනයේදී රුපියල් මැයි මස 13කින්ද, ජුනි මස මිල සංශෝධනයේදී 11කින්ද වශයෙන් පසුගිය මාස 04තුළ රුපියල් 27කින් අඩුවී තිබේ.
මාර්තු මාසයේ රුපියල් 448කට පැවැති ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල මාර්තු මාසයේ මිල සංශෝධනයේදී රුපියල් 07කින්ද, අප්‍රේල් මස මිල සංශෝධනයේදී රුපියල් 20කින්ද අඩුවූ අතර මැයි මස මිල සංශෝධනයේදී වෙනසක් සිදු වූයේ නැත. ජුනි මාසයේ මිල සංශෝධනයේදි රුපියල් 41කින්ද මිල අඩු කර ඇත. ඒ අනුව පසුගිය මාස හතර තුළදී ඔක්ටේන් 95 පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 68කින් අඩුවී තිබේ.
මාර්තු මාසයේ මිල සංශෝධනය වන විට රුපියල් 363ක් වූ සුදු ඩීසල් මිල අප්‍රේල් මිල සංශෝධනයේදී රුපියල් 03කින්ද, අප්‍රේල් මාසයේ මිල සංශෝධනයේදී රුපියල් 16කින්ද අඩුවිය. ජුනි මාසයේ මිල සංශෝධනයේදී එහි මිල සංශෝධනයක් සිදුව නැත. ඒ අනුව මාස හතර තුළ මිල සංශෝධනයේදී සුදු ඩීසල් රුපියල් 19කින් අඩුවී ඇත.
මාර්තු මස මිල සංශෝධනය වන විට 458ක්ව පැවැති සුපිරි ඩීසල් මිල මාර්තු සංශෝධනයේදී රුපියල් 72කින් අඩුවූ අතර එය අප්‍රේල් මස මිල සංශෝධනයේදී රුපියල් 09කින් අඩුවිය. ජුනි මාසයට අදාළ සංශෝධනයේදී තවත් රුපියල් 22කින් මිල අඩුවිය. ඒ අනුව ගෙවී ගිය මාස හතර තුළ සිදුවූ මිල සංශෝධනවලදී සුපිරි ඩීසල් මිල රුපියල් 116කින් අඩුවිණි.