ජාත්‍යන්තර සිසුන් සඳහා වන වීසා ගාස්තුව දෙගුණයකටත් වඩා වැඩි කර ඇති බව ඔස්ට්‍රේලියාව අද නිවේදනය කර ඇත.

මෙම පියවර රජය විසින් ගෙන ඇත්තේ ඔස්ට්‍රේලියාවේ නිවාස වෙළෙඳපොල මත ඇති පීඩනය වැඩි කරමින් සිදුව ඇති වාර්තා ගත සංක්‍රමණ අගය පාලනය කිරීමටය.

ඒ අනුව අද සිට ජාත්‍යන්තර ශිෂ්‍ය වීසා ගාස්තුව ඔස්ට්‍රේලියානු ඩොලර් 710 සිට ඔස්ට්‍රේලියානු ඩොලර් 1,600 ($1,068) දක්වා ඉහළ ගොස් තිබේ.

මීට අමතරව සංචාරක වීසා බලපත්‍රලාභීන්ට සහ තාවකාලික උපාධි වීසා සහිත සිසුන්ට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා රට තුළ සිටියදී අයදුම් කිරීමත් තහනම් කර ඇති බව සඳහන් වේ.

අද සිට බලාත්මක වන මෙම වෙනස්කම් මගින් ඔස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර අධ්‍යාපන ක්‍රමයේ අඛණ්ඩතාව යථා තත්ත්වයට පත් කිරීමට උපකාරී වන අතර ඔස්ට්‍රේලියාවට වඩා සාධාරණ, කුඩා සහ වඩා හොඳ සංක්‍රමණ පද්ධතියක් නිර්මාණය කිරීමට උපකාරී වනු ඇති බව එරට ස්වදේශ කටයුතු අමාත්‍ය ක්ලෙයාර් ඕ’නීල් ප්‍රකාශයක් නිකුත් කරමින් ප්‍රකාශ කර තිබේ.

ඉකුත් මාර්තු මාසයේදී නිකුත් කරන ලද නිල දත්ත පෙන්නුම් කළේ 2023 සැප්තැම්බර් 30 දක්වා වසර තුළ ශුද්ධ සංක්‍රමණ 60% කින් වාර්තාගත ලෙස ඉහළ ගොස් ඇති බවයි. එහිදී පුද්ගලයින් 548,800 ක් ඔස්ට්‍රේලියාවට සංක්‍රමණය වී ඇති බව සඳහන් වේ.

මෙම ජාත්‍යන්තර සිසුන් සඳහා වීසා ගාස්තු වැඩිවීම මගින් ඔස්ට්‍රේලියාවට පැමිණීමට ශිෂ්‍ය වීසා බලපත්‍රයක් සඳහා අයදුම් කිරීම එක්සත් ජනපදය (ඩොලර් 185) සහ කැනඩාව ( C$150 ($110) ) වැනි තරඟකාරී රටවලට වඩා මිල අධික වන බව සඳහන්.

Share.

Comments are closed.