දකුණු කොරියාව ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් සිය සංචාරක අනතුරු ඇඟවීම ලිහිල් කිරිමට කටයුතු කර ඇත.

ඒ අනුව ඊයේ (ජූලි 01) සිට ක්‍රියාත්මක වන පරිදි ශ්‍රී ලංකාවේ සංචාරක අනතුරු ඇඟවීම 2 වන මට්ටමේ සිට 1 වන මට්ටම දක්වා සංශෝධනය කිරීමට දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගෙන තිබේ.

දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් මේ බව දැනුම් දී ඇත.
ශ්‍රී ලංකාවේ වැඩිදියුණු කරන ලද ආරක්‍ෂාව සහ සෞඛ්‍ය තත්ත්වය හේතුවෙන් මෙලෙස සංචාරක මාර්ගෝපදේශ ලිහිල් කළ බව එහි සඳහන් වේ.

ඒ අනුව ශ්‍රී ලංකාවට වැඩි කොරියානු සංචාරකයන් ප්‍රමාණයක් ආකර්ෂණය වනු ඇති බව දකුණු කොරියානු විදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කළේය.

Share.

Comments are closed.