ලිට්‍රෝ සමාගම විසින් ගෘහස්ත ගෑස් මිල අඩුකර ඇත. මෙම මිළ සංශෝධනයට අනුව  කිලෝ 12.5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 100කින් අඩු කර තිබේ.

එහි නව මිල රුපියල් 3,690ක් ලෙස සටහන් වේ. කිලෝ 5ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 40කින් අඩුකර ඇති අතර එහි නව මිල රුපියල් 1,482කි.

කිලෝ 2.3ක ගෘහස්ත ගෑස් සිලින්ඩරයක නව මිල රුපියල් 694ක් වන අතර එම සිලින්ඩරයක මිල රුපියක් 18කින් අඩුකර ඇත.

මෙම මිල අඩුකිරීම අද මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක බව ලිට්‍රෝ සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

Share.

Comments are closed.