Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Monday, June 9
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»Hide»Sri Lankan news»LPL ප්‍රිමියර් ලීග් තරඟ බිමේ වේගවත්ම ශතකය කුසල් ගෙන්
Sri Lankan news

LPL ප්‍රිමියර් ලීග් තරඟ බිමේ වේගවත්ම ශතකය කුසල් ගෙන්

kumudikaBy kumudikaJuly 4, 2024No Comments2 Mins Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

ශ්‍රී ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේදි වේගවත්ම ශතකය රැස් කරමින් කුසල් ජනිත් පෙරේරා දියත් කළ විශිෂ්ට ඉනිම සමඟ ජැෆ්නා කිංග්ස් පිතිකරුවෝ සුපිරි හඹා යෑමකින් දඹුල්ල කිංග්ස් පිල කඩුලු 4කින් පරාජය කිරීමට සමත් වූහ.

LPL තරගාවලියේ සිව්වැනි තරගය ඊයේ (03) පස්වරුවේ පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවති අතර පළමුව පන්දුවට පහර දුන් දඹුලු පිලේ ක්‍රීඩකයෝ කඩුලු 2ක් දැවී ලකුණු 191ක් රැස් කළ අතර, එම ඉලක්කය හඹා ගිය ජැෆ්නා පිල අවසන් පන්දුවෙන් ජය තහවුරු කර ගත්තේ කඩුලු 6ක් දැවී තිබියදීය.

පිළිතුරු ඉනිමේ මුල් කඩුලු 3 ලකුණු 36ක් තුළ දවා ගැනීමට දඹුලු පන්දු යවන්නන් සමත් වුවද සිව්වැනි කඩුල්ලට අවිශ්ක ප්‍රනාන්දු සමඟ එක්වූ නායක චරිත් අසලංක පන්දු 66කින් ලකුණු 134ක සබඳතාවක් ගොඩනඟමින් ඉලක්කය පහසු කළේය. පන්දු 36කදී හතරේ සහ හයේ පහර 4 බැගින් එල්ල කළ අසලංක දැවීයෑමෙන් එම සබඳතාව බිඳ වැටුණු අතර, ඉන් ලකුණු 7කට පසු අවිශ්කගේ ඉනිම නිමා වූයේ ලකුණු 80කටය. පන්දු 21කින් ලකුණු 50 වාර්තා කළ ඔහු දැවීයන විට හතරේ පහර 7ක් සහ හයේ පහර 6ක් සමඟ පන්දු 34කට මුහුණ දී තිබිණි. අවිශ්ක තරගයේ වීරයා සම්මානයද දිනා ගත්තේය.

ජැෆ්නා ඉනිමේ අවසන් පන්දුවට ජයග්‍රහණය සඳහා එක් ලකුණක් අවශ්‍යව තිබූ අතර, ෆේබියන් ඇලන් එල්ල කළ හයේ පහරින් ජය තහවුරු විය. පන්දු යැවීමේදී මුස්ටෆිසූර් රෙහ්මාන් සහ නුවන් තුෂාර කඩුලු 2 බැගින් දවා ගත්හ.

පළමු පන්දුවට පහරදුන් දඹුලු ඉනිමට වේගවත් ආරම්භයක් දුන් කුසල් ජනිත් පෙරේරා නොදැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 102කි. මෙවර තරගාවලියේ පළමු ශතකය සහ LPL ඉතිහාසයේ 5 වැනි ශතකය වූ මෙය වාර්තා පොත අලුත් කළේ LPL පිටියේ වේගවත්ම ශතකය ලෙසිනි. පන්දු 52කින් වාර්තා වූ එම ශතකය (102) හතරේ පහර 10කින් සහ හයේ පහර 5කින් වර්ණවත් විය.

මින් පෙර පසුගිය වසරේ කලම්බු ස්ට්‍රයිකර්ස් පිල වෙනුවෙන් බාබර් අසාම් පන්දු 59කින් වේගවත්ම ශතකය රැස් කර තිබිණි. ලකුණු 9ක් ලබා සිටි ධනුෂ්ක ගුණතිලක පළමු කඩුල්ල ලෙස දැවී යෑමෙන් පසු කුසල්ට එක් වූ නුවනිඳු ප්‍රනාන්දු දෙවැනි කඩුල්ල ලකුණු 108ක් එක් කළේ පන්දු 64කිනි. පන්දු 35කින් ලකුණු 40ක් රැස් කළ නුවනිඳු දැවී යෑමෙන් එම සබඳතාව නිමාවූ අතර, අනතුරුව මාක් චැප්මන් කුසල් සමඟින් එක්ව ලකුණු 65ක නොබිඳුණු සබඳතාවක් ගොඩනැඟුවේ පන්දු 38කිනි. චැප්මන් පන්දු 23කින් ලකුණු 33ක් රැස් කළේය. බිඳ වැටුණු දඹුලු කඩුලු 2කම ධනංජය ද සිල්වාගේ පන්දු ඉදිරියේ සටහන් විය.

LPL තරගාවලියට විවේක දිනයක් වන අද (04) සියලු කණ්ඩායම් දඹුල්ලේ අදියර සඳහා පිටත්ව යෑමට නියමිතය.

Featured Sri Lanka World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleලාංකික කෘෂි බෝග වලට චීන වෙළඳපොලෙන් වැඩි ඉඩක්
Next Article ඉන්දුනීසියාවෙන් 51,200 ක් පැරණි ලෙන් චිත්‍ර මතු වෙයි
kumudika

Related Posts

ජනාධිපති සමාව යටතේ නිදහස් කල 388 දෙනාගෙ ලැයිස්තුව යටතේ දරුණු අපරාධකරුවන් 20 ක් හොර රහසේම නිදහස්

June 9, 2025

ලංකා ආණ්ඩුව පොරොන්දු වූ  ගිවිසුම් ඉටු කරනවාද බලන්න IMF ලොක්කෙක් දිවයිනට

June 9, 2025

­කොරෝනා වලට එන්නත් අවශ්‍ය නැහැ – දේශීය ඖෂධ පානයට හුරු වෙන්න

June 9, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.