ශ්‍රී ලංකාවේ රේගු නිලධාරීන්ගේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ආනයනික භාණ්ඩ නිෂ්කාශනය ප්‍රමාද වී ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.

රේගු නිලධාරීන්ගේ අකුරට වැඩ කිරිමේ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ජූලි 02 දින ආරම්භ විය.
ඒ රේගු ආඥා පනතට ගෙන ඒමට නියමිත සංශෝධන වලට විරෝධය පලකිරීමක් ලෙසය.

රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති අමිල සංජීව මහතා සඳහන් කර සිටියේ ආදායම් අධිකාරි පනතට විරෝධය පලකරමින් අදත් හෙටත් වැඩවර්ජනයක නිරත වන බවය.

Share.

Comments are closed.