මේ මස 26 වැනිදා සිට අගෝස්තු මස 11 වැනිදා දක්වා පැවැ­ත්වෙන 33 වැනි ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට ශ්‍රී ලංකා­වෙන් ක්‍රීඩක ක්‍රීඩි­කාවෝ 5ක් සුදු­සු­කම් ලබා තිබේ. ප්‍රංශයේ පැරිස් නුව­රදී මෙම උළෙල පැවැත් වේ.

බැඩ්මි­න්ටන් ක්‍රීඩක විරේන් නෙත්ත­සිංහ ඔලි­ම්පික් උලෙ­ළට ඍජු සුදු­සු­කම් ලබා­ගත් පළමු ක්‍රීඩ­කයා විය. හෙල්ල විසි­කි­රීමේ ශූරී දිල්හානි ලේකම්ගේ හා මීටර් 800 කාන්තා ඉසව්වේ ශූරී තරුෂි කරු­ණා­රත්න රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නය අනුව ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට සුදු­සු­කම් ලබා ගත්හ. මීට අම­ත­රව පිහි­නුම් ක්‍රීඩා­වෙන් ඍජු සුදු­සු­කම් නොලැබූ රට­ව­ලට ලබා­දෙන ‘වයිල් කාඩ්’ අව­ස්ථාව යටතේ කයිල් අබේ­සිංහ සහ ගංගා සෙන­වි­රත්න පැරිස් ඔලි­ම්පික් උලෙ­ළට සුදු­සු­කම් ලබා ඇත.

ශ්‍රී ලංකා­වට මලල ක්‍රීඩා­වෙන් තවත් අව­ස්ථා­වක් උදාවී ඇති අතර‍, එම අව­ස්ථාව මීටර් 400 ක්‍රීඩක අරුණ දර්ශ­නට හෝ මීටර් 100 ක්‍රීඩක යුපුන් අබේ­කෝන්ට හිමි­වීමේ අවස්ථා පවතින බව සඳහන්‍ ය.  අඟල් 2 කින් ඔලි­ම්පික් අහි­මි වී ගිය හෙල්ල විසි­ කිරීමේ ක්‍රීඩක රුමේෂ් තරං­ගගේ අභි­යා­ච­නය ද පොරොත්තු ලේඛ­නයේ පවතී.

රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නය අනුව මීටර් 400 ඉස­ව්වෙන් ලොව 51 වැනි ස්ථානයේ පසු­වන අරුණ දර්ශ­නට ඉදි­රි­යෙන් සිටින ක්‍රීඩ­ක­යන් සිව්දෙ­නකු ඉදිරි දින කිහි­ප­යේදී යම් හෙය­කින් එම ලේඛ­න­යෙන් ඉව­තට ගිය­හොත් අරුණ දර්ශ­නට ඔලි­ම්පික් වරම් උදාවේ. පිරිමි මීටර් 400 ඉස­ව්වෙන් රෝඩ් ටු පැරිස් 24 ඔලි­ම්පික් සුදු­සු­කම් ලබා ගැනීමේ ලේඛ­නයේ මුල් ක්‍රීඩ­ක­යන් 48ට පම­ණක් ඔලි­ම්පික් ක්‍රීඩා උලෙ­ළට යෑමේ අවස්ථා උදාවේ.

එලෙස අරුණ දර්ශ­නට අව­ස්ථාව උදා නොවු­ණ­හොත් මීටර් 100 ක්‍රීඩ­ක­ය­කුට ඍජු සුදු­සු­කම් නොලැබූ රට­ව­ලට ලබා­දෙන ‘වයිල් කාඩ්’ අව­ස්ථාව යටතේ ඔලි­ම්පික් වරම් උදා­වනු ඇත. එහිදී එම ඉස­ව්වේදී ඉදි­රි­යෙන් සිටින යුපුන් අබේ­කෝන්ට අව­ස්ථාව උදා­වන අතර, ඔහු පසු­ගි­යදා ආබා­ධ­ය­කට ලක්වීම හේතු­වෙන් මේ මස 10 වැනි­දාට පෙර තර­ග­ය­කට සහ­භා­ගිවී යෝග්‍ය­තාව සනාථ කළ යුතු බවද වැඩිදුරටත් සඳහන් ය.

Share.

Comments are closed.