Close Menu
Dubai Lanka News
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
What's Hot

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Facebook X (Twitter) Instagram
Facebook YouTube
Dubai Lanka NewsDubai Lanka News
Tuesday, June 17
  • Home
  • Community
  • Marketplace
  • Events
  • Jobs
  • Accommodations
  • Classified
  • Contact
Dubai Lanka News
Home»World news»මගීන් 346 දෙනෙකුට දිවි අහිමි කල වරද බෝයිං සමාගම පිලි ගනී
World news

මගීන් 346 දෙනෙකුට දිවි අහිමි කල වරද බෝයිං සමාගම පිලි ගනී

kumudikaBy kumudikaJuly 10, 2024No Comments1 Min Read
Facebook Twitter LinkedIn Telegram Pinterest Tumblr Reddit WhatsApp Email
Share
Facebook Twitter LinkedIn Pinterest Email

මගීන් 346 දෙනකුට මරු කැඳවමින් 2018 සහ 2019  වර්ෂ වලදී සිදුවූ බෝයිං 737 මැක්ස් වර්ගයේ ගුවන් යානා අනතුරු දෙක සම්බන්ධයෙන් වරද පිළිගැනීමට එම සමාගම තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

ඒ අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව සඳහා බෝයිං සමාගම වරද පිළිගනු ඇති බවත් එම මාරක අනතුරු දෙකෙන් පසුව බෝයිං සමාගම භාවිත කරන ආරක්ෂක උපක්‍රම වෙනස් කරන බවට පොරොන්දු වෙමින් එම සමාගම සහ ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව එළඹි ගිවිසුම බෝයිං සමාගම උල්ලංඝනය කර තිබීම සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව එල්ල වීමට හේතුව බවත් සඳහන් වේ.

ඇමෙරිකානු නීතිපති දෙපාර්තමේන්තුව සහ බෝයිං සමාගම ඇති කරගත් නව එකඟතාව අනුව සාපරාධි වංචාවක් සිදු කිරීමට කුමන්ත්‍රණය කිරීමේ චෝදනාවට එම සමාගම වරද පිළිගනු ඇති බවත් එසේ නොකෙරුවා නම් බෝයිං සමාගමට එරෙහිව අපරාධ නඩුවක් විභාග වීමට නියමිතව තිබූ බවත් විදෙස් මාධ්‍ය සඳහන් කළේය.

එකඟතාවය යටතේ ඇමෙරිකානු ඩොලර් මිලියන 243.6 ක මුදලක් දඩ වශයෙන් ගෙවනු ඇති බවත් තවත් ඇමෙරිකානු ඩොලර් මිලියන 455 ක මුදලක් ආරක්ෂක වැඩසටහන් සහ පෙර ගිවිසුමේ කොන්දේසි ක්‍රියාත්මක කිරීමට යොදවනු ඇති බවත් විදෙස් මාධ්‍ය පැවැසුවේය. කෙසේ වෙතත් මෙම එකඟතාවයට ඇමෙරිකානු විනිසුරුවරයාගේ අනුමැතිය ලැබී නොමැති බවද ඔහු ප්‍රකාශ කළේය.

නමුත් මෙම එකඟතාවයට 2018 සහ 2019 වසරේදී සිදුවුණු අනතුරුවලින් මියගිය ගුවන් මගීන්ගේ පවුල්වල සාමාජිකයන් දැඩි අප්‍රසාදය පළ කර තිබේ.

Featured World
Share. Facebook Twitter Pinterest LinkedIn Tumblr Telegram Email
Previous Articleවිශ්‍රාම වැටුප් හිමියන්ට විශේෂ නිවේදනයක්
Next Article ජනාධිපතිවරණයට අදාල ලේඛන මුද්‍රණය කිරීම ඇරඹෙයි
kumudika

Related Posts

ලෙබනනයේ සිටින ලාංකිකයන්ට තානාපති කාර්යාලයෙන් නිවේදනයක්

June 17, 2025

ඊශ්‍රායල් ප්‍රහාර වලින් ඉරාන බුද්ධි සේවා ප්‍රධානි මරුට

June 17, 2025

ඊශ්‍රායල් රැකියා සඳහා ලාංකිකයන් පිටත් කිරීම තාවකාලිකව අත්හිටුවයි

June 16, 2025
Add A Comment

Comments are closed.

Top Posts

Subscribe to Updates

Get the latest sports news from SportsSite about soccer, football and tennis.

Advertisement
Homeland

POWERED BY XSMART DIGITAL LLC

Facebook Instagram YouTube LinkedIn
  • Home
  • Marketplace
  • Events
  • Jobs
  • Community
  • Visit Sri Lanka
  • Sri Lanka Exports
  • Properties in Sri Lanka

Subscribe for Updates

Get the latest news from Dubai Lanka News about news, art, culture, events, jobs and business.

Type above and press Enter to search. Press Esc to cancel.