ශ්‍රී ලංකා දුම්රිය සේවය අත්‍යාවශ්‍ය සේවාවක් ලෙස ප්‍රකාශට පත් කර තිබියදී සිදු කරන වැඩවර්ජනය සම්බන්ධයෙන් සියලුම දුම්රිය ස්ථානධිපතිවරුන්ට සහ දුම්රිය පාලකවරුන්ට අවසන් නිවේදනය නිකුත් කර ඇත .

ඒ අනුව අද(10) දහවල් 12ට පෙර අදාළ දුම්රිය ස්ථානයට හෝ ආසන්නතම දුම්රිය ස්ථානයට දුම්රිය ස්ථානධිපතිවරු සහ දුම්රිය පාලකවරුන් සේවයට වාර්තාකළ යුතු බව එම නිවේදනයේ දැක් වේ.

එසේ සේවයට වාර්තා නොකරන සියලුම ස්ථානාධිපතිවරු සහ පාලකවරුන් සේවය හැර ගියා සේ සලකන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන්ය.

Share.

Comments are closed.