බීබීසී අයතනයේ ප්‍රකට ක්‍රීඩා විස්තර විචාරකයෙක් වන ජෝන් හන්ට් ගේ බිරිඳ සහ දියණියන් දෙදෙනා හර්ට්ෆොඩ්ෂයර් හි පිහිටි ඔවුන්ගේ නිවසේදි ඝාතනය කර ඇතැයි වාර්තා වේ.

දුන්නක් භාවිතයෙන් සිදු කර ඇති මෙම ත්‍රිත්ව ඝාතනය සම්බන්ධයෙන් කයිල් ක්ලිෆර්ඩ් නම් 26 හැවිරිදි තරුණයෙකු සැකකරු ලෙස පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

ජෝන් හන්ට් ගේ බිරිඳවන කැරොල්(61) සහ දියණියන් දෙදෙනා වන හැනා(28) හා ලුයිස් හන්ට් (25) මෙලෙස අවාසනාවන්ත ලෙස මිය ගොස් ඇත.
ඔවුන් තිදෙනාව ඝාතනය කිරීමට පෙර ගැට ගසා ඇතැයිද සදහන් වේ.

ජෝන්ගේ වැඩිමහල් දියණිය ලුයිස්ගේ හිටපු පෙම්වතා මෙම ඝාතනයන් සිදු කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.

Share.

Comments are closed.