ශ්රී ලංකා 20යි 20 ක්රිකට් කණ්ඩාමේ නායක වනිඳු හසරංග එම තනතුරෙන් ඉල්ලා අස් වී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් ශ්රී ලංකා ක්රිකට් ආයතනය පැවසුවේ ඔහුගේ අස්වීම් ලිපිය භාරගත් බවයි.
නායකත්වයෙන් ඉවත් වුවද ඔහු තවදුරටත් ශ්රී ලංකා 20යි 20 කණ්ඩායමේ සාමාජිකයෙක් ලෙස කටයුතු කරන බවද එම නිවේදනයෙහි වැඩිදුරටත් සඳහන් වේ.