රජයට අයත් කොමර්ෂල් පොහොර හා ලංකා පොහොර සමාගම් දෙක ඊයේ (12) සිට State Fertilizer නාමය යටතේ රජයට අයත් සමාගමක් වශයෙන් ඒකාබද්ධ කිරීමට පියවර ගෙන තිබේ.
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදේශකත්වයෙන් ක්‍රියාත්මක රාජ්‍ය වියදම් කළමනාකරණය සඳහා වූ වැඩ පිළිවෙළ යටතේ ඒකාබද්ධ කරන ලද ප්‍රථම ආයතන දෙක වන්නේ කොමර්ෂල් පොහොර සමාගම සහ ලංකා පොහොර සමාගමයි. මෙතෙක් කලක් සභාපතිවරුන් දෙදෙනකු හා අධ්‍යක්ෂ මණ්ඩල දෙකක් හා කාර්ය මණ්ඩල දෙකක් වශයෙන් පැවති මේ සමාගම් දෙක ඒකාබද්ධ කිරීමෙන් මෙතෙක් කලක් වැය වූ විශාල මුදලක් රජයට ඉතිරි කරගැනීමට හැකි වී තිබේ. එමෙන්ම ලබන සඳුදා (15) සිට State Fertilizer සමාගම විසින් නිෂ්පාදනය කරන සෑම පොහොර වර්ගයකම මෙට්‍රික් ටොන් එකක මිල රුපියල් 5,000කින් අඩු කිරීමටද පියවර ගෙන ඇත.
රජයට අයත් පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කිරීම හා නව නාමය හඳුන්වා දීම සඳහා පසු ගිය (11) දා වෝටර්ස් එජ් හෝටලයේදී කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්රධානත්වයෙන්උත්සවයක් පැවැත්විණි. එම උත්සවයට රාජ්‍ය අමාත්‍යවරුන් වන ඩී. බී. හේරත්, කාදර් මස්තාන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, අමාත්‍යාංශයේ ලේකම් ජානක ධර්මකීර්ති හා State Fertilizer සමාගමේ සභාපති ආචාර්ය ජගත් පෙරේරා මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වී සිටියහ.මෙහිදී අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් State Fertilizer සමාගම ජනගත කිරීම සිදු විය.
එකම අමාත්‍යාංශයක් යටතේ එකම විෂයයට අදාළව කටයුතු කරන ආයතන විශාල ප්‍රමාණයක් දැනට අප රට තුළ පවතී. මේ නිසා රජයට මෙතෙක් මෙවැනි ආයතන සඳහා අමතරව විශාල මුදලක් වැය කිරීමට සිදු වී තිබේ. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් එකම විෂය පථයට අයත් ආයතන ඒකාබද්ධ කිරීමේ වැඩ පිළිවෙළක් ආරම්භ කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට උපදෙස් දී තිබිණි. රජයට අයත් මේ පොහොර සමාගම් දෙක ඒකාබද්ධ කෙරුණේ මේ අනුවය.