ශ්‍රී ලංකාවේ සත්කා­ර­ක­ත්වය දරන ආසි­යානු කුස­ලාන කාන්තා ක්‍රිකට් තර­ගා­ව­ලි­යට එක්වන එමීර් රාජ්‍ය කණ්ඩා­යම ඊයේ අලු­යම මෙර­ටට පැමි­ණි­යහ.

ක්‍රීඩි­කා­වන් 15 දෙන­කු­ගෙන් සම­න්විත තර­ගා­ව­ලි­යට නම් කළ සංචි­ත­යට අම­ත­රව තවත් ක්‍රීඩි­කාවෝ සිව් දෙනෙක් ද මේ සංචා­ර­යට එක්ව සිටිති.

ඊෂා ඕසාගේ නාය­ක­ත්ව­යෙන් යුත් මේ කණ්ඩා­යමට ශ්‍රී ලාංකික ක්‍රීඩි­කා­වක් ද සිටීම විශේ­ෂ­ත්ව­යකි. 21 හැවි­රිදි කවීෂා එගො­ඩගේ වන ඇය ශ්‍රී ලාංකික සම්භ­ව­යක් සහිත ක්‍රීඩි­කා­වකි.

ලොව අඩුම වය­ස­කදී ජාත්‍ය­න්තර අර්ධ ශත­ක­යක් වාර්තා කළ ක්‍රීඩි­කාව බවට වාර්තා අත­රට එක්ව සිටින ඇය අවු­රුදු 15යි දින 264කදී මැලේ­සි­යා­වට එරෙ­හිව විස්සයි20 තර­ග­ය­කදී ලකුණු 57ක් රැස් කර­මින් මේ වාර්තාව පිහි­ට වූ­වාය.

ආසි­යානු කුස­ලාන කාන්තා තර­ගා­ව­ලිය මේ මස 19 වැනිදා සිට 28 වැනිදා දක්වා දඹු­ල්ලේදී පැවැත්වේ.
කණ්ඩා­යම් 8ක් එක්වන තර­ගා­ව­ලි­යේදී ඉන්දි­යාව, පාකි­ස්තා­නය, සහ නේපා­ලය සම­ඟින් එමීර් පිල ‘ඒ’ කාණ්ඩ­යෙන් තරග බිමට පිවි­සෙති.

Share.

Comments are closed.