අනුරාධපුර ශ්‍රී මහා බෝධි පරිශ්‍රයට කිලෝවොට් 150 ක ධාරිතාවකින් යුත් සූර්යබල විදුලි පද්ධතියක් සසුනට පූජා කිරීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අද සිදු කෙරිණි.

කාබන් විමෝචනය අවම කරමින් ශුන්‍ය විමෝචන ඉලක්කය වෙත ළඟා වීම සඳහා වන රජයේ ජාතික ප්‍රතිපත්තිය සාක්ෂාත් කර ගැනීමේ සුවිශේෂී පියවරක් සනිටුහන් කරමින් LTL සමූහ ව්‍යාපාරය විසින් මෙම විදුලි බල පද්ධතිය  ශ්‍රී මහා බෝධි පරිශ්‍රයේ ස්ථාපිත කළ බව ජනාධිපති කාර්යාලය ප්‍රකාශ කරයි. අටමස්ථානාධිපති පල්ලේගම හේමරතන නාහිමියෝ ද මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share.

Comments are closed.