ආසියානු සංවර්ධන බැංකුව මෙරටට ඇමරිකානු ඩොලර් මිලියන 100 ණය ආධාරයක් අනුමත කර ඇතිබව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය පවසයි. ඒ විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ සඳහාය.

ආසියානු සංවර්ධන බැංකුවේ මෙම ණය ආධාර වැඩසටහන හරහා ලැබෙන මූල්‍ය ආධාර මෙරට විදුලි බල ක්ෂේත්‍රයේ ප්‍රතිව්‍යුහගත කිරීම් සහ නියාමන කටයුතු වලට මෙන්ම විදුලි බල ක්ෂේත්‍රයේ තිරසාර මෙහෙයුම් කටයුතු වෙනුවෙන් ද යොදා ගත හැකි බව එම අමාත්‍යංශය පවසයි.

මෙම ආධාර වැඩසටහන් මගින් විදුලි බල ක්ෂේත්‍රයේ බිහි වන නව ආයතන බිහිකිරීම හා නියාමනය කිරීමට හැකි වන බව විදුලි බල හා බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් දක්වා ඇත.

Share.

Comments are closed.